Thursday, June 9, 2016

කණ්ණාඩිය

කණ්නාඩිය

"ල‍ම‍යෝ ‍නැ‍ගි‍ටින්‍ ‍නැද්‍‍ද ‍දැන්‍ ‍හො‍ද‍ට‍ම ‍උ‍දේ ‍වෙ‍ලා" ‍ ‍‍අම්‍‍මා ‍කා‍ම‍ර‍යේ ‍අ‍ගු‍ල ‍
වි‍ව‍ර  ‍ක‍ර‍මින්‍ ‍බෙ‍රි‍හන්‍‍දෙ‍යි. 
‍‍ඇ‍ය ‍කා‍ම‍ර‍ය‍ ‍තු‍ල‍ට  ‍පැ‍මි‍ණ  ‍ලී ‍ජ‍නෙල්‍ ‍ප‍ලු‍ව‍ක්‍  ‍වි‍ව‍ර ‍ක‍ර‍යි. ‍මෙ‍තෙක්‍ ‍වේ‍ලා ‍‍
අ‍හිං‍‍ස‍ක ‍අ‍දු‍ර ‍ර‍ජ‍යූ ‍‍කා‍ම‍ර‍ය ‍තු‍ල‍ට ‍ආ‍ලෝ‍ක‍ය ‍නැ‍ම‍ති ‍යක්‍ෂ‍යා ඇ‍තු‍ලු ‍වු‍වා ‍සේ ‍දැ‍නේ. ‍
" ‍නැ‍ගි‍ටි‍න‍වා...‍නැ‍ගි‍ටි‍න‍වා" ‍ඇ‍ය ‍ම‍ගේ තට්‍‍ට‍ම‍ට ‍‍ප‍යි‍න්‍ ‍ඇ‍ණ ‍නි‍ක‍ම ‍ය‍යි.
"‍ඌ‍යි ‍....‍ඌ‍යි .. "  
කා‍ම‍ර‍ය‍ට ‍වැ‍ටෙ‍න ‍හි‍රු ‍රශ්‍‍මි‍යෙන්‍ ‍ග‍ත‍සි‍ත  ‍දැ‍වෙන්‍‍නාක්‍ ‍මෙන්‍ ‍‍හැ‍ගේ. ‍අ‍දු‍ර,මො‍න‍ත‍රම්‍,සි‍සි‍ල‍ද,‍‍අ‍හිං‍‍ස‍ක‍ද,‍කා‍ට‍වත්‍ ‍පී‍ඩා‍වක්‍ ‍නො‍දෙ‍න ‍අ‍දු‍ර‍ට ‍මි‍නි‍සුන්‍ ‍මෙ‍ත‍රම්‍ ‍වෛර ‍ක‍රන්‍‍නේ ‍මන්‍‍ද? ‍ම‍ගේ ‍සි‍ත ‍කො‍දු‍ර‍යි.
මා ‍ජ‍නේ‍ල‍ය ‍ව‍සා ‍‍ද‍මා ‍කුස්‍‍සි‍ය‍ට ‍ගොස්‍ ‍ක‍රා‍ම‍ය  ‍ඇ‍ර ‍ඇල්‍ ‍ව‍තු‍ර ප්‍‍ලාස්‍‍ටික්‍ ‍කෝප්‍‍ප ‍කි‍හි‍ප‍යක්‍ ‍එ‍ක ‍හුස්‍‍ම‍ට ‍හිස්‍ ක‍ර‍යි.
"‍ඔ‍ය ‍ඉ‍තින්‍ ‍ආ‍යෙ‍මත්‍ ‍ප‍ටන්‍ ‍ගත්‍‍තා  ‍බ‍ඩ ‍පැ‍ලෙ‍න‍කං‍ ‍ඇල්‍‍ව‍තු‍ර ‍බොන්‍‍න" ‍
අ‍ම්‍මා ‍මො‍ර ‍ගා‍‍ණු  ‍ඇ‍සී ‍මා ‍ඇ‍ය‍ට වි‍රිත්‍‍ත‍යි.
"‍උ‍බ‍ට‍නං ‍‍ති‍යෙන්‍‍නේ ‍මො‍ක‍වත්‍ ‍නෙ‍වෙ‍යි ‍පු‍තේ.........මී‍හ‍රක්‍ ‍ගි‍නි‍ය‍ම"‍   ඇ‍ය ‍ක‍ට ‍කො‍න‍කින්‍ ‍හි‍නා ‍වෙ‍මින්‍ ‍ප‍ව‍ස‍යි. ‍
"අම්‍‍ම‍ට ‍ඉ‍තින්‍ ‍ම‍ම ‍ව‍තු‍ර ‍බිව්‍‍වත්‍ ‍වැ‍ර‍දි‍යි ‍නේ.....‍හොක්‍.. ‍හොක්‍ " ‍මා ‍ඇ‍ය ‍ගා‍මින්‍ ‍සි‍ටි පොල්‍ ‍අ‍හු‍රක්‍ ‍හො‍රා ‍ක‍මින්‍  ‍‍සා‍ල‍ය‍ට  ‍පැ‍ණ ‍ග‍නි‍යි.
ආ‍ලින්‍‍ද‍යේ‍‍‍‍‍‍ දු‍වි‍ලි‍ වැ‍දු‍ණු‍ තේක්‍‍ක  හාන්‍‍සි‍ පු‍ටු‍ව ද‍කි‍න‍ ම‍ට ‍අප්‍‍පච්‍‍චි ‍සි‍හි ‍ගැන්‍‍වෙ‍යි. සු‍දු‍මේස්‍ ‍බැ‍නිය‍ම‍ හැ‍ද‍ස‍ර‍ම ‍කැ‍හැ‍පො‍ට ග‍සා ගාම්‍‍බී‍ර‍ව ඔ‍හු ‍පු‍ටු‍වේ ‍හාන්‍‍සී ‍වී ‍සි‍ටි‍න ‍අ‍යු‍රු ‍පෙ‍නේ.අප්‍‍පච්‍‍චී‍ගෙ‍ද‍ර ‍සි‍ටි‍න ‍‍වි‍ට ‍සි‍ත‍ට ‍බ‍යක්‍ ‍නො‍දැ‍නේ ඔ‍හු‍ගේ ‍ගාම්‍‍බී‍රත්‍‍ව‍යෙන්‍ ‍මු‍ලු ‍ගෙ‍ද‍ර‍ම   ‍පි‍රී ‍ඇත්‍‍තා ‍සේ  ‍ම‍ට ‍දැ‍නේ. ‍ඔ‍හු ‍ගෙ‍ද‍ර ‍සි‍ටි‍නා ‍වි‍ට ‍ම‍ට ‍ප‍ම‍ණක්‍ ‍නො‍ව ‍අම්‍‍මා‍ට‍ද ‍පා‍ලු ‍නැ‍ත. "‍ර‍ණේ ‍අ‍ර‍ක ‍ගේන්‍‍න,මේ‍ක ‍හ‍ද‍ලා ‍දෙන්‍‍න " ඇ‍ය‍ගේ ‍ක‍රච්‍‍ච‍ල‍යේද‍ ‍ඉ‍ව‍ර‍යක්‍ ‍නැ‍ත.
"‍මෙන්‍‍න ‍තේ‍ක ?  ‍අම්‍‍මා ‍සා‍ල‍ය‍ට ‍පැ‍මි‍ණ ‍මු‍මු‍ණ‍යි.
"‍අප්‍‍පච්‍‍චී ‍බිව්‍‍ව‍ද ? " ‍
ඇ‍ය ‍නි‍හ‍ඩ‍ය .
 "‍අප්‍‍පච්‍‍චී ‍බිව්‍‍වේ ‍නැත්‍‍තං‍ ‍ම‍ටත්‍ ‍එ‍පා ."
"‍අප්‍‍පච්‍‍චී ‍තේ ‍බී‍ලා ‍වැ‍ඩ‍ටත්‍ ‍ගි‍යා. ‍වි‍කා‍ර ‍කි‍ය‍වන්‍ ‍නැ‍තු‍ව ‍ඔ‍යා ‍මේ ‍තේ‍ක බොන්‍‍න." ‍
ඇ‍ය ‍තේ ‍කෝප්‍‍ප‍ය ‍පු‍ටු ‍ඇන්‍‍ද ‍ම‍ත ‍ත‍බා ‍ගස්‍‍සා‍ගෙ‍න ‍ගෙ‍ට ‍ව‍දියි.
චුන්‍ ‍පාන්‍‍කා‍ර‍යා‍ගේ ‍සං‍‍ගී‍ත‍ය ‍ඈ‍තින්‍ ‍ඇ‍සේ. ‍ක‍ට‍ට ‍කෙ‍ල ‍උනයි. ‍
අප්‍‍පච්‍‍චී ‍හි‍ටි‍යා ‍‍නම්‍ ‍මා‍ලු ‍බ‍නි‍සක්‍ ‍වි‍යන්‍ ‍රෝ‍ලක්‍ ‍ව‍ර‍දින්‍‍නේ‍ම ‍නැ‍ත.‍පු‍රුද්‍‍ද‍ට ‍වා‍ගේ ‍මා‍ ‍ගේට්‍‍ටු‍ව ‍අ‍ස‍ල‍ට  ‍දි‍ව ‍ගොස්‍ ‍ඔ‍හු‍ට ‍අ‍ත ‍ද‍ම‍යි. ‍ක‍ලු‍ම‍හ‍ත ‍බ‍ඩ ‍ත‍ඩි‍යා ‍‍ඔ‍ලොක්‍‍කු‍ව‍ට ‍වි‍රිත්‍‍තා ‍මා ‍අ‍ස‍ලින්‍ ‍වේ‍ග‍යෙන්‍ ‍බ‍යි‍සි‍ක‍ල‍ය ‍ධා‍ව‍න‍ය ‍ක‍ර‍යි.
"‍නො‍ද‍කින්‍ ‍පෙ‍රේ‍ත ‍හැ‍ලි ‍ව‍දු‍රා. ‍ම‍ම ‍අප්‍‍පච්‍‍චී ‍ආ‍ව‍හ‍ම ‍කි‍යන්‍‍නං‍‍කෝ ‍උඹ ‍ම‍ට ‍බ‍නිස්‍ ‍දුන්‍‍නෑ ‍ කි‍ය‍ලා "  ‍මා ‍කෑ‍ග‍සා ‍බෙ‍රි‍හන්‍ ‍දෙ‍යි.  
අල්‍‍ල‍පු ‍ගෙ‍ද‍ර ‍කො‍ට‍ තාප්‍‍ප‍ය‍ට ‍ඉ‍හ‍ලින්‍ රෝ‍ස‍පා‍ට ‍පි‍නි ‍ජම්‍‍බු‍වක්‍ ‍එල්‍‍ලෙ‍යි. ‍
ලු‍ණු ‍කු‍ඩු ‍,ගම්‍‍බි‍රිස්‍ ‍ටි‍කක්‍ ‍එක්‍‍ක ‍මේ‍ක ‍ම‍රු ‍කෑ‍ම. ‍ම‍ගේ ‍ක‍ටට ‍කෙ‍ල ‍උ‍න‍යි.  ‍මා ‍තාප්‍‍ප‍ය  ‍දි‍ගේ ‍රූ‍ට‍යි. ජම්‍‍බු‍ව‍ අ‍ත‍ට ‍පෙ‍නෙ‍න ‍මා‍න‍යේ‍ මා ම‍හා ප්‍රපාතයකට ‍‍ඇ‍ද ‍වැ‍ටෙන්‍‍නා‍සේ ‍හැ‍ගේ. ‍තට්‍‍ට‍ම ‍හා ‍‍තු‍න‍ටි‍ය ‍දි‍ගේ ‍වේ‍ද‍නා‍වක්‍‍ඇ‍වි‍ලී එ‍යි.
‍"හූ ‍හූ ‍වැ‍ටු‍ණා ‍නේ‍ද.....ජම්‍‍බු ‍හො‍රා ..හූ ‍හූ.."  ‍ඉස්කෝලේ ‍ය‍න ‍කො‍ලු ‍රෑ‍න‍ක ‍කෑ ‍ග‍ස‍යි
‍‍"හි‍ටු‍තො‍පි‍ට"මා ‍වේ‍ද‍නා‍ව ‍ප‍සෙ‍ක ‍ලා ‍බො‍ර‍ලු ‍අ‍හු‍රක්‍ ‍උන්‍ ‍දි‍හා‍ව‍ට ‍ග‍ස‍යි. ‍
උන්‍ ‍ත‍වත්‍ ‍කු‍ලප්‍‍පු ‍වී ‍කෑ‍ග‍ස‍යි.               ‍මා කෝ‍ප‍ය ‍ද‍රා ‍ග‍ත ‍නො‍හැ‍කි‍ව ‍උන්‍‍ට ‍ප‍ත ‍බෑ‍ම‍ට ‍ග‍ලක්‍ ‍සො‍ය‍යි.
"හූ...... ‍හූ  .... ‍මොත්‍‍‍ත  ‍ත‍ඩි‍යා ....."  ‍කො‍ලු ‍රැ‍ල ‍වි‍රිත්‍‍තා ‍ප‍ලා ‍ය‍යි.
‍පි‍නි ‍ජම්‍‍බු‍ව  ‍රෝ‍ස‍පා‍ට ‍වි‍දු‍ලි ‍බු‍බු‍ලක්‍ ‍මෙන්‍ ‍සු‍ල‍ගේ ‍ම‍ට ‍අ‍ත ‍ව‍න‍යි .
‍"අ‍ද‍ නම්‍ ‍කො‍හො‍ම ‍හ‍රි ‍බො‍ට ‍දෙන්‍‍නං‍ ‍බැ‍ටේ"  ‍ම‍ගේ ‍සි‍ත ‍කො‍දු‍ර‍යි.
මා ‍කො‍ට ‍තාප්‍‍ප‍ය ‍උ‍ඩින්‍ ‍පැ‍න ‍අල්‍‍ල‍පු ‍වත්‍‍ත‍ට ‍ඇ‍තු‍ලු ‍වෙ‍යි. ‍ප‍මා ‍නො‍වී ‍හීන්‍ ‍සී‍රු‍වේ ‍ජම්‍‍බු ‍ග‍හ‍ට ‍කිට්‍‍ටු ‍ක‍ර ‍එ‍හි ‍ක‍රු‍ව‍ක‍ට ‍ගො‍ඩ ‍වී‍ම‍ට ‍පෙ‍ර ‍ව‍ට‍පි‍ට ‍බ‍ල‍යි . ‍‍කො‍ට ‍බ‍ත‍ල මි‍සිස්‍ ‍මේ‍බල්‍ ‍ගේ ‍දො‍ර‍ක‍ඩ ‍සි‍ට ‍බ‍ලා ‍සි‍ටි‍යි. ‍ඇ‍ය ‍අ‍තේ ‍දු‍ර‍ක‍ථ‍න‍යක්‍ ‍වෙ‍යි. ‍ඇ‍ය ‍ඉන්‍ ‍කා‍ට‍දෝ ‍අ‍ම‍ත‍නු ‍පෙ‍නේ.
"‍යාම්‍‍තං‍ ‍ඇ‍ති ‍මි‍සිස්‍ ‍මේ‍බල්‍ ‍මා‍ව දැක්‍‍‍කේ ‍නෑ ‍ව‍ගේ. " ‍ම‍ගේ ‍සි‍ත ‍ට  ‍සැ‍හැල්‍‍ලු‍වක්‍ ‍දැ‍නේ. ‍‍
‍දු‍ර‍ක‍ත‍න‍ය ‍වි‍සන්‍‍ධි‍ක‍ල ‍ඈ ‍ජම්‍‍බු ‍ග‍හ ‍දෙ‍ස ‍බ‍ලා ‍සි‍ටි‍යි.මි‍සිස්‍ ‍මේ‍බල්‍‍ගේ ‍උ‍කු‍සු ‍ඇ‍සින්‍ ‍මි‍දෙ‍ණු ‍පි‍ණි‍ස ‍‍මා   ‍ත‍ව ‍ටි‍කක්‍ ‍ජම්‍‍බු ‍ග‍හ‍ට ‍මු‍වා ‍වෙ‍යි. 
‍ත‍වත්‍ ‍මො‍හො‍ත‍කින්‍ ‍‍නි‍ව‍සේ ‍න‍වී‍න ‍පන්‍‍න‍යේ ‍ගේට්‍‍ටු‍ව ‍වි‍ව‍ර ‍වෙ‍නු ‍ඇ‍සේ.
"‍දෙ‍යි‍ය‍නේ ‍අම්‍‍මා ‍නේ‍ද?"  ‍මා ‍ගේ  ‍සි‍ත ‍ති‍ගැස්‍‍සෙ‍යි.
‍ඇ‍ය ‍ජම්‍‍බු ‍ග‍ස ‍දෙ‍ස ‍බ‍ල‍මින්‍  ‍මි‍සිස්‍ ‍මේ‍බල්‍ ‍ස‍ම‍ග ‍ය‍මක්‍ ‍දො‍ඩ‍නු ‍පෙ‍නේ. ‍
"‍ ‍වැ‍ඩේ ‍මට්‍‍ටු ‍ව‍ගේ "   ‍මා  ‍කො‍දු‍ර‍යි.
‍මා ‍තාප්‍‍ප‍යෙන්‍ ‍පැ‍ණී‍ම‍ට ‍සැ‍ර‍සෙත්‍‍ම ‍අම්‍‍මා ‍මා‍ගේ ‍අ‍ත‍කින්‍ ‍වැ‍රෙන්‍ ‍අල්‍‍ලා ‍මා ‍නි‍ව‍ස‍ට ‍රැ‍ගෙ‍න ‍යන අයුරු කම්‍‍මු‍ල‍ට ‍අ‍ත ‍ති‍යා ‍ගත්‍ ‍කො‍ට ‍මේ‍බල්‍ ‍බ‍ලා ‍සි‍ටි‍යි.
ඇ‍ය ‍ම‍ට ‍බැ‍ණ ‍ව‍දි‍මින්‍ ‍මා ‍ගේ‍තු‍ල‍ට ‍රැ‍ගෙ‍න ‍ගොස්‍ ‍ ‍කා‍ම‍ර‍ය‍ට ‍ද‍මා ‍‍දො‍ර ‍අ‍ගු‍ලුල‍යි.
"‍‍දෙ‍යි‍ය‍නේ ‍ම‍ට ‍කි‍ය‍ලා ‍සැ‍න‍සී‍මක්‍ ‍නැ‍ති ‍හැ‍ටි..... ‍මේ ‍ඔක්‍‍කො‍ම‍ ක‍රු‍ම  ‍ම‍ට ‍ත‍නි‍ය‍ම           වි‍ද‍වන්‍‍න ‍උ‍නා‍නේ "  ‍ඇ‍ය‍ගේ ‍ගෙ‍ර‍වි‍ලි ‍‍හ‍ඩ ව‍රින්‍‍ව‍ර ‍ඈ‍තින්‍ ‍ඇ‍සී ‍සැ‍ර ‍බා‍ල‍වී ‍යන්‍‍න‍ට ‍වි‍ය.
‍“අම්‍‍ම‍ට ‍ඔච්‍‍ච‍ර ‍ත‍ර‍හ ‍යන්‍‍න ‍දෙ‍යක්‍ ‍ම‍‍ම ‍ක‍‍ලේ ‍නෑ‍නේ.  ‍මෙ‍යා‍ට ‍නං‍ ‍‍සු‍වර් ‍එ‍ක‍ට මූ‍ලක්‍‍ගා‍ය.‍‍වත්‍‍ත ‍ප‍හ‍ල ‍කො‍හි‍ල ‍ව‍ලෙන්‍ ‍කො‍හි‍ල ‍ටි‍කක්‍‍වත්‍ ‍ක‍ඩ‍ලා ‍දෙන්‍‍න ‍වෙ‍න‍වා”.     ‍මා ‍සි‍තින්‍ ‍ඇ‍ය‍ට ‍බැ‍ණ ‍ව‍දී .
‍අව්‍‍ව ‍වැ‍ටී ‍කා‍ම‍ර‍ය ‍රත්‍ ‍වී ‍ඇ‍ත.‍මු‍ලු ‍ඇ‍ග‍ම ‍ගි‍ණි‍යම්‍ ‍වී ‍ඇත්‍‍තා‍සේ ‍දැ‍නේ. ‍ඒ ‍ම‍දි‍ව‍ට ‍කු‍ස‍ගින්‍‍න‍ද ‍ඔ‍ලු‍ව ‍උස්‍‍සා ‍ඇ‍ත.
හිසේ  ‍වේ‍ද‍නා‍ව‍ද ‍එන්‍‍න ‍එන්‍‍න‍ම ‍වැ‍ඩි‍වන්‍‍නා‍සේ‍ය. ‍‍මේ‍බල්‍‍ගේ ‍තාප්‍‍පෙ‍ට ‍හිස  ‍සී‍රී ‍‍තු‍වා‍ල ‍වී ‍ඇත්‍‍තා‍සේ‍ය. ‍‍මා ‍ක‍මි‍ස‍ය ‍උ‍නා ‍‍දැ‍මු‍වෙ‍මි. ‍බ‍ටර් ර්‍පා‍ට ‍පට්‍‍ට ‍ගැ‍සු‍ණු ‍‍ක‍මි‍ස‍යේ ‍ම‍දක්‍ ‍ලේ ‍තැ‍ව‍රී ‍ඇ‍ත.
‍“ඔලු කට්ට ‍තු‍වා‍ල ‍වෙ‍ලා ‍ලේත්‍ ‍එ‍න‍වා ‍ව‍ගේ. කණ්‍‍න‍ඩි‍යක්‍ ‍ති‍බු‍ණන්‍ ‍‍ය‍ස ‍අ‍ගේ‍ට ‍බ‍ලා ‍ගන්‍‍න ‍ති‍බු‍ණා”
‍ම‍ත‍ක ‍ඇ‍ති ‍කා‍ලෙ‍ක ‍අ‍පේ ‍නි‍ව‍සේ ‍කණ්‍‍න‍ඩි‍යක්‍ ‍ති‍බෙ‍න‍වා ‍ම‍ට ‍ම‍ත‍ක නැ‍ත. ‍අ‍පි ‍ක‍ලින්‍ ‍හි‍ටි‍ ‍ම‍හ ‍ගෙ‍ද‍ර‍ නම්‍ ‍ලො‍කු ‍ලො‍කු ‍ ‍කණ්‍‍න‍ඩි ‍ගො‍ඩාක්‍ ‍ති‍බෙ‍ණු ‍ම‍ට ‍ම‍ත‍ක‍ය. ඒ‍වා ‍ව‍ටේ‍ට ‍හැ‍ඩ‍ක‍ර ‍ති‍බූ ‍බී‍ර‍ලු ‍කැ‍ට‍යම්‍, ‍ලස්‍‍ස‍න ‍‍ලස්‍‍ස‍න මල්‍ ‍මෝස්‍‍ත‍ර ‍ම‍ට ‍ත‍ව‍මත්‍ ‍යාම්‍‍ත‍ම‍ට ‍ම‍ත‍ක‍ය.  ‍අප්‍‍පච්‍‍චී‍ට ‍කේන්‍‍ති ‍ගොස්‍ ‍දි‍නක්‍ ‍‍එ‍ම ‍කණ්‍‍ණා‍ඩි ‍සි‍යල්‍‍ල ‍ම‍හ‍ගෙ‍ද‍ර ‍වත්‍‍ත‍ප‍හ‍ල‍ට ‍ද‍මා ‍ගි‍නි‍බත්‍ ‍‍ක‍ර‍න ‍වි‍ට ‍අම්‍‍මා ‍ඔ‍හු‍ගේ ‍අ‍තේ ‍එල්‍‍ලී ‍කෑ‍ගැ‍සූ ‍ව‍දන්‍ ‍පෙ‍ල ‍ම‍ගේ ‍ක‍නේ ‍දොං‍‍කා‍ර ‍දෙන්‍‍නාක්‍ ‍මෙ‍නි.
"‍අ‍නේ ‍ර‍ණේ ‍ඕ‍ක ‍වි‍ත‍රක්‍ ‍නං‍ ‍පුච්‍‍චන්‍‍න ‍එ‍පා. ඕ‍ක‍  ‍අ‍පේ ‍මුත්‍‍තම්‍‍මා‍ගේ කණ්‍‍ණ‍ඩි‍ය. ‍‍අ‍පි ‍ක‍සා‍ද ‍බ‍දි‍න ‍ද‍ව‍සේ ම‍ට ‍අම්‍‍මා ‍දුන්‍‍නු‍ එ‍කක්‍ " ‍ඇ‍ය ‍බැ‍ගෑ‍පත්‍‍වු ‍අ‍යු‍රු ‍ම‍ට ‍ම‍ත‍ක‍ය.
‍එ‍දා‍‍ ගි‍නි‍දැල්‍‍ අ‍ත‍රඅප්‍‍පච්‍‍චී‍ගේ ‍දෑස්‍ ‍ගො‍රොක්‍ ‍ම‍ද ‍මෙන්‍ ‍ර‍තු ‍පැ‍හැ‍යෙන්‍ ‍දි‍ලි‍සෙ‍නු ‍මා ‍‍කා‍ම‍ර‍යේ ‍ක‍වු‍ලු ‍පො‍ලු ‍අ‍ත‍ර‍ට ‍ව‍සන්‍ ‍වී ‍බ‍ලා ‍සි‍ටි‍යෙ‍මි. ‍ඉ‍ති‍රි ‍වු ‍අම්‍‍මා‍ගේ ‍කණ්‍‍ණා‍ඩි‍ය ‍ද ‍අ‍ප ‍අ‍ලුත්‍ ‍ගෙ‍ද‍ර‍ට ‍පැ‍මි‍ණි ‍වි‍ග‍ස ‍අප්‍‍පච්‍‍චී ‍සොල්‍‍ද‍ර‍යේ ‍ලා ‍අ‍ගු‍ලු ‍ද‍ම‍ණු ‍ම‍ට ‍ම‍ත‍ක‍ය.
එ‍දා‍‍ ගි‍නි‍දැල්‍‍ අ‍ත‍රඅප්‍‍පච්‍‍චී‍ගේ ‍දෑස්‍ ‍ගො‍රොක්‍ ‍ම‍ද ‍මෙන්‍ ‍ර‍තු ‍පැ‍හැ‍යෙන්‍ ‍දි‍ලි‍සෙ‍නු ‍මා ‍‍කා‍ම‍ර‍යේ ‍ක‍වු‍ලු ‍පො‍ලු ‍අ‍ත‍ර‍ට ‍ව‍සන්‍ ‍වී ‍බ‍ලා ‍සි‍ටි‍යෙ‍මි. ‍ඉ‍ති‍රි ‍වු ‍අම්‍‍මා‍ගේ ‍කණ්‍‍ණා‍ඩි‍ය ‍ද ‍අ‍ප ‍අ‍ලුත්‍ ‍ගෙ‍ද‍ර‍ට ‍පැ‍මි‍ණි ‍වි‍ග‍ස ‍අප්‍‍පච්‍‍චී සොල්‍‍ද‍ර‍යේ ‍ලා ‍අ‍ගු‍ලු ‍ද‍ම‍ණු ‍ම‍ට ‍ම‍ත‍ක‍ය.
වා‍හ‍න‍ය‍ක ‍හ‍ඩක්‍ ‍ඇ‍සෙ‍යි. ‍‍ලො‍කු ‍අම්‍‍ම‍ලා‍ගේ කෝපි පාට ‍වෑන්‍ ‍ර‍ථ‍ය ‍පැ‍මි‍ණ ‍මි‍දු‍ලේ ‍න‍ව‍ත‍නු ‍ම‍ට ‍ජ‍නේ‍ල‍යෙන්‍ ‍යාම්‍‍ත‍ම‍ට ‍පෙ‍නේ.
‍“ටි‍කක්‍ ‍ප‍රක්‍‍කු ‍වු‍ණා ‍නං‍‍ගි‍යේ ...... ‍කෝ ‍පු‍තා ‍ලෑස්‍‍ති‍ද ?” ‍ඒ ‍ලො‍කු ‍අම්‍‍මා‍ගේ ‍ක‍ට‍හ‍ඩ‍යි.
‍“අක්‍‍කා ‍එ‍න ‍බ‍වක්‍ ‍එ‍යා ‍තා‍ම ‍දන්‍‍නෑ. ‍අ‍ද ‍උ‍දෙත්‍ .....”. ‍ම‍ව‍ගේ ‍‍ක‍ට ‍හ‍ඩ ‍බා‍ල ‍වේ. ‍ඇ‍ය‍     ‍ලො‍කු ‍අම්‍‍මා ‍ස‍ම‍ග ‍ක‍සු‍කු‍සු ‍ගා‍ණු ‍‍යාම්‍‍ත‍ම‍ට  ඇ‍සෙ‍යි.
 ‍අ‍නි‍වාර්‍ය‍යෙන්‍ ‍ඔ‍ය‍ක‍තා‍වෙ‍න‍වා ‍ඇත්‍‍තේ ‍මං‍ ‍ගැ‍න. ‍උ‍දේ ‍වෙච්‍‍ච ‍සිද්‍‍ධි‍ය ‍ලු‍ණු ‍ඇ‍බුල්‍ ‍දා‍ලා ‍ලො‍කු ‍අම්‍‍ම‍ට ‍කි‍ය‍න‍වා ‍ඇ‍ති. ‍ම‍ගේ ‍සි‍ත ‍තු‍ල ‍ම‍ව ‍කෙ‍රෙ‍හි ‍අප්‍ර‍සා‍ද‍යක්‍ ‍හ‍ට ‍ග‍නී.
“පු‍තා .....”. ‍ටි‍ක‍වේ‍ලා‍ව‍කින්‍ ‍ලො‍කු ‍අම්‍‍මා ‍අ‍ඩ‍ග‍ස‍ණු ‍ඇ‍සේ .
‍ම‍ම ‍ඇ‍ද‍ට‍ පැ‍ණ ‍ගු‍ලි‍වෙ‍යි. ‍කා‍ම‍රෙ‍යේ දොර ‍අ‍ගු‍ල ‍වි‍ව‍ර ‍ක‍ර‍නු ‍ඇ‍සේ.
මො‍කෝ ‍මේ ‍තා‍ම ‍ඇ‍ද‍ට ‍වෙ‍ලා  ‍ලො‍කු ‍අම්‍‍මා ‍ඇ‍ද ‍අ‍ස‍ල‍ට ‍පැ‍මි‍ණ ‍මා ‍කූද්‍‍ද‍යි.
‍ම‍ම ‍නු‍රුස්‍‍ස‍නා ‍ලෙ‍ස ‍ගස්‍‍සා ‍ඇස්‍ ‍ත‍ද‍ක‍ර ‍ග‍නී.
‍"පු‍තා‍ට ‍අ‍ද ‍වි‍ශේ‍ෂ ‍වැ‍ඩක්‍ ‍මු‍කුත්‍ ‍නෑ ‍නේ‍ද? ‍"
ම‍ම ‍ඔ‍ලු‍ව ‍ගස්‍‍ස‍යි.
"අ‍නේ ‍පු‍තේ ‍අ‍ද ‍ම‍ට ‍පු‍තා‍ගෙන්‍ ‍ලො‍කු ‍උ‍දව්‍‍වක්‍ ‍ඕ‍නේ."
අ‍ලි ‍ම‍දි‍ව‍ට ‍කො‍ටි ‍කිව්‍‍ව ‍ව‍ගේ ‍මේ ‍අම්‍‍ම‍ඩි ‍එන්‍‍නේත්‍  ‍ම‍‍ගේ ‍හො‍ද‍ක‍ට ‍නෙ‍මෙ‍යි.
"ම‍ගේ ‍මේ ‍ද‍ණිස්‍ ‍අ‍මා‍රු‍ව‍ට ‍හො‍ද ‍වෙ‍ද‍ම‍හත්‍‍ත‍යෙක්‍ ‍ඉන්‍‍න‍ව‍ලු ‍ටි‍කක්‍ ‍දු‍ර‍ක ‍....‍බො‍හො‍ම අ‍මා‍රු‍වෙන්‍ ‍ත‍ම‍යි. ‍අ‍ද ‍දි‍න‍යක්‍ ‍ඉල්‍‍ල ‍ගත්‍‍තේ. ‍මා‍මා‍ටත්‍ ‍වැ‍ඩක්‍ ‍යෙ‍දිල ‍එන්‍‍න ‍වි‍දි‍හක්‍නෑ. පු‍තා‍ට ‍බැ‍රි‍ද ‍මාත්‍ ‍එක්‍‍ක ‍වෑන්‍ ‍එ‍කේ ‍යන්‍‍න ‍එන්‍‍න ‍ත‍නි‍ව‍ට ."
"පු‍තා ‍ලෑස්‍‍ති ‍වෙ‍ලා ‍එන්‍‍න ‍ම‍ම ‍සා‍ලෙ‍ට ‍වෙ‍ලා ‍ඉන්‍‍නං‍ ." ‍ඇ‍ය ‍කා‍ම‍ර‍යෙන්‍ ‍පි‍ට‍ව ‍ගි‍යා‍ය.
‍ඇ‍ය‍ගේ ‍ඉල්‍‍ලී‍ම ‍‍ඉ‍ව‍ත ‍නො‍දැ‍නී‍ම‍ට ‍සි‍තූ ‍මා ‍නා‍න ‍කා‍ම‍ර‍ය‍ට ‍වැදෙයි.
‍"අම්‍‍ම‍ට ‍පෙන්‍‍නු‍වොත්‍ ‍ත‍වත්‍ ‍බැ‍ණු‍මක්‍ ‍අ‍හන්‍‍න‍ම ‍වෙ‍න‍වා . කො‍හො‍ම ‍හ‍රි ‍තු‍වා‍ලෙ‍ට ‍බෙ‍හෙත්‍ ‍නො‍දා ‍පා‍රේ ‍යන්‍‍නත්‍ ‍බෑ ‍කො‍හො‍ම ‍හ‍රි ‍කණ්‍‍නා‍ඩි‍යක්‍ ‍හො‍යා ‍ගන්‍‍න ‍ඕ‍න."
 ‍මී‍ට ‍පෙ‍ර ‍නො‍යූ ‍වි‍යූ ‍අ‍යු‍රින්‍ ‍කණ්‍‍නා‍ඩි‍ය‍ක ‍අ‍ව‍ශ‍ය‍ය‍තා‍ව ‍ම‍ට ‍ත‍දින්‍ ‍දැ‍නෙන්‍‍න‍ට ‍වි‍ය. ‍මා ‍නා‍න ‍කා‍ම‍ර‍ය ‍පෙ‍ර‍ලා ‍අ‍හු‍මු‍ලු ‍‍සො‍යන්‍‍න‍ට ‍වි‍ය. ‍ම‍ල‍ක‍ඩ ‍‍ක‍න ‍ල‍ද ‍ප‍ර‍ණ ‍රේ‍ස‍ර‍යක්‍ ‍දු‍ටු ‍මා ‍හ‍ට ‍අප්‍‍පච්‍‍චි‍ගේ ‍රැ‍වු‍ල ‍බෑ‍ම ‍සි‍හි ‍වි‍ය. ‍අ‍ලුත්‍ ‍ගෙ‍ද‍ර‍ට ‍පැ‍මි‍ණි ‍දි‍න ‍සි‍ට ‍අප්‍‍පච්‍‍චී ‍රැ‍වු‍ල ‍බෑ‍ම‍ට ‍ගි‍යේ ‍වත්‍‍ත ‍පල්‍‍ලෙ‍හා ‍ලි‍ද ‍ල‍ග‍ට‍ය.‍ලි‍ද ‍ල‍ග‍ට ‍යා‍ම ‍ම‍ට ‍ත‍හ‍නම්‍ ‍වු‍ව‍ද ‍එ‍හි ‍ගට්‍‍ටේ ‍‍එල්‍‍ලා ‍ඇ‍ති  ‍ කු‍ඩා ‍කණ්‍‍නා‍ඩි‍යක්‍ ‍දෙ‍ස බ‍ල‍මින්‍ ‍ඔ‍හු ‍රැ‍වු‍ල ‍බා‍නු ‍ම‍ට ‍යාම්‍‍ත‍ම‍ට ‍ම‍ත‍ක‍ය.
‍‍නා‍න‍කා‍ම‍ර‍යේ ‍දො‍රින්‍ ‍එ‍බී ‍බැ‍ලු‍වෙ‍මි.  ‍අම්‍‍මාත්‍ ‍ලො‍කු ‍අම්‍‍මාත්‍ ‍කුස්‍‍සි‍යේ ‍බ‍ර ‍ක‍තා‍ව‍ක‍ය. ‍අම්‍‍මා ‍පි‍ටු‍ප‍ස ‍හැ‍රී ‍තේ ‍ව‍තු‍ර ‍වක්‍‍ක‍ර‍යි. ‍ලො‍කු ‍අම්‍‍මා‍ද ‍ඒ ‍දෙ‍ස‍ට ‍හැ‍රී ‍සි‍ටී.
අම්‍‍මා ‍ජ‍නේ‍ල‍ය ‍දෙ‍ස‍ට ‍හැ‍රී ‍සි‍ටි‍න ‍බැ‍වින්‍ ‍මා ‍වත්‍‍ත ‍ප‍හ‍ල‍ට ‍ය‍නු ‍ඇ‍ය ‍නි‍ය‍ත ‍ව‍ශ‍යෙන්‍‍ම ‍ද‍කි‍නු ‍ඇ‍ත. ‍එ‍හෙ‍යින්‍ ‍ඇ‍ය ‍ලො‍කු ‍අම්‍‍මා ‍දෙ‍ස‍ට  ‍හැ‍රෙ‍න ‍තු‍රු  ‍ම‍දක්‍ ‍ඉ‍ව‍සා ‍සි‍ටි‍ය ‍යු‍තු‍ය. ‍
"නං‍‍ගිත්‍ ‍ආ‍ව‍නම්‍ ‍ත‍ම‍යි ‍හො‍ද " ‍ලො‍කු ‍අම්‍‍මා ‍ප‍ව‍ස‍යි.
‍"ම‍ගේ ‍හි‍ත‍ට ‍ම‍හ ‍මො‍කද්‍‍දෝ ‍ව‍ගේ ‍අක්‍‍කේ.......‍ඒ‍ක‍යි ‍ම‍ම ‍නො‍යන්‍‍න ‍හි‍තු‍වේ .  " ‍
"‍ම‍ට ‍නො‍තේ‍රෙ‍න‍වා ‍නෙ‍මෙ‍යි.......l "‍ඇ‍ය  ‍සු‍සුම්‍ල‍මින්‍  ‍ප‍ව‍ස‍යි.
"‍‍උ‍බ ‍බ‍ය‍වෙන්‍‍න ‍කා‍රි ‍නෑ  ‍නං‍‍ගි‍යේ.  ‍‍අ‍පේ ‍එක්‍‍කෙ‍නා ‍ගි‍හින්‍ ‍වෙ‍ද‍ම‍හත්‍‍ත‍ය‍ට ‍විස්‍‍ත‍රේ ‍කි‍ය‍ලා ‍ඔක්‍‍කො‍ම ‍ලෑස්‍‍ති‍ක‍ර‍ල‍නේ  ‍ඇ‍විත්‍ ‍ති‍යෙන්‍‍නේ . ....... ‍නං‍‍ගි‍ට ‍බ‍ලන්‍‍න ‍ඕ‍නැ‍නං‍ ‍දෙ‍තුන්‍ ‍දො‍හ‍කින්‍  ‍අ‍පිත්‍ ‍එක්‍‍ක‍ම ‍යන්‍‍න ‍බැ‍රි‍යෑ."
‍අම්‍‍මා ‍හි‍ස ‍ස‍ලා ඇයට ප්‍රතිචාර  ‍දක්‍‍ව‍යි. ‍
අ‍පේ ‍එක්‍‍කෙ‍නා‍ට‍ත ‍එ‍ත‍න ‍බො‍හො‍ම ‍හි‍ත‍ට ‍අල්‍‍ල‍ලා. ‍‍හ‍රි‍ම ‍නිස්‍‍ක‍ලං‍‍ක ‍තැ‍නක්‍ ‍ලු  ‍ලෙඩ්‍‍ඩු ‍ ද‍හ‍යක්‍ ‍දො‍ල‍හක්‍ ‍වි‍ත‍ර ‍න‍ත‍ර‍වෙ‍ලා ‍ඉන්‍‍න‍ව‍ලු.  ‍කො‍ටින්‍‍ම ‍විස්‍‍ත‍රේ ‍අ‍හ‍ලා ‍වෙ‍ද ‍ම‍හත්‍‍ත‍යා  ‍සල්‍‍ලි ‍ගන්‍‍නත්‍ ‍අ‍දි‍ම‍දි ‍ක‍ර‍ලා ‍ති‍යෙ‍න‍වා."
ලොකු අම්මා දොඩවයි.
‍" ‍‍දැ‍න‍ට ම‍මත්‍ ‍‍‍ගෙ‍නි‍යන්‍‍න කෑ‍ම ‍ජා‍ති ‍‍ටි‍කක්‍ ‍‍වි‍ත‍ර‍යි ‍ලෑස්‍‍ති ‍ක‍ලේ අක්‍‍කේ"
අම්මා තෙපරබායි.
" ‍උ‍බ ‍මො‍ක‍ට ‍ක‍ර‍ද‍ර ‍උ‍නා‍ද  ‍ම‍ම ‍හාල්‍ ‍පොල්‍ ‍ඔක්‍‍කො‍ම  ‍වෑන්‍ ‍එ‍කේ ප‍ටෝ‍ ගෙ‍න ‍ආ‍වේ. " ඇය නෝක්කඩු කියයි.
"‍ම‍ට ‍නං‍ ‍දැන්‍ ‍මේ ‍සු‍මේ ‍ත‍නි‍ය‍ම ‍ක‍ර‍ලා ‍ඇ‍ති ‍වෙ‍ලා ‍අක්‍‍කේ . ‍ඒත්‍ ම‍ගේ ‍හි‍ත‍ ‍හ‍දා ‍ගන්‍‍න ‍බෑ  ‍  ." අම්මා තේ කෝප්පය ලොකු අම්මා අතට දෙමින් පවසයි.
" ‍ම‍ට ‍නො‍තේ‍රෙ‍ණ‍ව ‍නෙ‍මෙ‍යි ‍නං‍‍ගි‍යේ  ‍මො‍න‍ව ‍වු‍ණ‍ත්‍ ‍,මල්ලිගේ තුන් මාසේ දානෙත් ලග නිසා දානේ කටයුතු ඉවර වෙනකන් හරි අපි මෙහෙම කරලා බලමු."
ලොකු අම්මාගේ බ්‍රෙක් නැති කටට තේ උගුරක පහස දැනෙයි.
"හ්ම්....." අම්මා විඩාවක් ගනියි.
"වෑන් එකේ ඩ්‍රයිවර්ටයි , කොල්ලෝ දෙන්නටයි , මේක දීල එන්නං."  ඇය තේ කෝප්ප තුනක් බන්දේසියක තබාගෙන කුස්සියෙන් පිටව යයි.
මා තවත් පමා නොවී පිලිකන්නෙන් වත්ත පහලට පැන දුවයි. පහල ලිද නොපෙනෙන තරමටම වල් වැදී තිබෙයි. මා උසට වැවී ඇති ඉලුක් පදුරු පොඩිකරමින් ලිං මිදුලට ගොඩවෙයි. වැලකුණු වැටී කෝදුරුවන් අරක් ගත් ලිං මිදුලද එකම කසල ගොඩකි. මා අතරින් පතර අඩිය තබා ලිං කණුවක නිසොල්මනේ එල්ලී සිටින කණ්නාඩියට
එබෙයි.
ඒ අංගවිකල වාමන රූපය කණ්නාඩිය තුලින් මා දෙස බලා සිටියි. ඔහුගේ විශාල දෑස්,  තැලුණු පිනි ජම්බුවක් වන් මුක්කන් නාසය , හිස් කබල තුලට කිදා බැස ඇති කන් යුවල ,පැත්තට ඇද වූ මුක ුහරය, නියගයට හසුවූ ගොයම මෙන් තට්ටය  පෑදුණු හිස කේස්ද , අරියාදුවට සිටවූ පොල් පැල මෙන් මුහුණේ තැන තැන වූ ඉදුණු රැවුල් කොටද මා හද සලිත කරයි.
"බුදු අප්පච්චීයේ......  යකෙක් මාව බේරගනියෝ"
 මා බියවී වෙර යොදා මර ලතෝනි දෙයි.
ඈතින් ලොකු අම්මා හැදි දැඩි පිරිමි තිදෙනකු සමග ලිද  දෙසට පල්ලම් බසිණු පෙනේ.

                               
Story by  Daminda dampahalage
Thursday, June 9, 2016

නගින්න ජීවිතයේ බස් රථයට

නගින්න ජීවිතයේ බස් රථයට


ඉර අවරට යන කණිසමේ  බස් නැවතුම් පලක් ඉදිරිපිට බසයක් නවතා තිබෙණු පෙනේ. කොපි පොත් කිහිපයක් බීඩි මිටියක් සේ රෝල් කරගත් දැලි රැවුල් කාර තරුණයෙක් තවත් තරුණියක් සමග බසයට ගොඩ වෙයි. දෙදෙනාම පසුපසම අසුනට ගොස් එක් කොනක වාඩි වෙයි.
හර්ෂ : බලන්නකෝ.... අදත් ඔයා පරක්කුයිනේ. මම අව්වේ කර වෙවී පැ‍යක් විතර බලා හිටියා.
සෙව්වන්දි : අනේ සොරි හර්ෂ... විභාගේ ලග නිසා සර් අද ටිකක් වැඩිපුර වේලා අරන් ක්ලාස් එක කලා.
හර්ෂ : ඒ වුණාට ඔයාට ටිකක් කලින් පැන ගන්න තිබුණනේ?
සෙව්වන්දි : අනේ මම කොහොමද එහෙම එන්නෙ...අනික යාලුවොත් සැක හිතයි.
හර්ෂ : ඔයා මොකටද යාලුවන්ට බය වෙන්නේ?
සෙව්වන්දි : කවුරු හරි දැකලා ගෙදරට කිව්වොත් අපිට මෙහෙමවත් හම්බවෙන්න බැරිවෙනව..අනික මේ ටික එන්නෙත් ගෙදරට බොරු කීයක් කියලද.
හර්ෂ : මටත් දැන් මේ හැංගි මුත්තම ඇතිවෙලා තියෙන්නේ....මම හිතාගෙන ඉන්නෙ විභාගෙ ඉවර වුණු ගමන් ජොබ් එකක් හොයා ගන්න. ඊට පස්සෙ මම කෙලින්ම ඇවිල්ලා ඕගොල්ලන්ගෙ ගෙදරින් අහනවා.
ඇය කිසිත් නොකියා තරුණයාගේ අතක් තදින් අල්ලා ගත්තාය.
බසය පණ ගැන්වෙයි.
ලොකු කාඩ්බොඩ් පෙට්ටි කිහිපයක් උසවා ගත් තරුණ යුවලක් කඩිසරව බසයට ගොඩ වෙයි. ඔවුන් තරමක් පිටුපස වු අසුනක අසුන් ගනී.
නදීකා :  බබා ඔයා කාඩ් ටිකයි ,පෙට්ටි ටිකයි ඔක්කොම ගැනලා නේද සල්ලි දුන්නෙ?
ජනිත : ඔව්...කාඩ් 150 යි , කේක් පෙට්ටි 200 යි.
නදීකා : වෙඩින් එක නොකියන අයට කේක් කෑල්ලක්වත් යවන්න එපෑය. අනික වෙඩින් එක කියනවා කියලා කී දෙනෙකුට කියලා පිරිමහන්නද නේද?
ජනිත : ඔව් එහෙමවත් කරමු....යාංතං මේ වැඩේ නං ඉවරයි....
නදීකා : අපෝ  තව කොයි තරම් වැඩ තියෙනවද.....හොල් එක, කෑම බීම ,බෑන්ඩ් එක ,පෝරුව,ෆලවර් ඇරෙන්ජ්මන්ට් .....එතකොට මගෙ සාරිය....අනේ බබා අපි ෆොටෝ ටිකත්  හොදම තැනකට දෙමු . අන්තිමට කවද හරි ඉතුරු වෙන්නෙ ඔය වෙඩින් ඇල්බම් එක විතරයිනෙ...හොද වෙලාවට ඔයාගේ කොම්පැණි ලෝන් එක පාස් වුණේ නේද බබා?
ජනිත : ගත්තා වගේම ඕක පොලියත් එක්ක ගෙවන්නත් එපෑය ඉතින්.
නදීකා : ඒ වගේද බබා අපේ නිදහස ,සතුට  ......වෙඩින් එකෙන් පස්සෙ අපි දෙන්නා අපේම කියලා පුංචි ලෝකෙක තනිවෙනවානෙ.
ඇ‍ය එසේ පවසමින් තරුණයාගේ උරහිසට හිස තබා ගත්තාය.
ගියරයක් මාරු වී බස් රථය ඉදිරියට ඇදෙයි.
ගැබිණි කාන්තාවක් සමග පිරිමියකු බසයට ගොඩ වී මැද පෙල අසුනක අසුන් ගනියි.
දිනුෂා : ඊයෙත් ඕගොල්ලන්ගේ අම්මා මට ඇණුම් පදයක් කිව්වා.
බුද්ධික : ඔයා නෑහුනා වගේ ඉන්න.
දිනුෂා : එහෙම තමයි මම මෙච්චර දවසක් ඉවසන් හිටියේ....මට බෑ තවත් ඉවසන්න.
බුද්ධික : අපිට ඉවසන්න වෙනවා දිනු...මේ වෙලාවේ අම්මා නැත්තං කොහොමද ඔයාගේ වැඩ ටික තනියම කරගන්නේ.
දිනුෂා :අපි වැඩට කවුරු හරි ගමු.
බුද්ධික : අද කාලේ වැඩට විස්වාසවන්ත කෙනෙක් හොයා ගන්න එක ලේසි නෑ....අනික මේ හදිස්සියෙ මම කොහොමද වැඩකාරයෙක් හොයන්නෙ.
දිනුෂා : ඔයාට ඉතින් මොකද....ඔයා උදේ පාන්දර ගෙදරින් ගියහම එන්නෙ රෑ වෙලා .....මම තමයි ඇණුම් පද අහ අහා ගෙදරට හිරවෙලා ඉන්න ඕනා.
බුද්ධික : මම කියලා මොනව කරන්නද දිනු.....අපි තව ටිකක් ඉවසමු.
දිනුෂා : මට බෑ තවත් ඉවසන්න....මම අපේ අම්මලගෙ ගෙදර යනව.
ඇය බසයේ කවුලුවක වීදුරුවට හිස තබ ගත්තාය.
බස් රථය ක්‍රමයෙන් වේගය වැඩිකරමින් ඉදිරියට ඇදෙයි.
කුඩා දරුවකු හා යුවලක් බස් රථයට ගොඩ වී මැද පෙලට ඉදිරියෙන් වු අසුනක අසුන් ගනී.
අරුන්දතී : කරදර නොකර ඉන්න ලමයෝ.....
දමින්ද : තව ටික දුරයිනේ පුතා.....දඟ නොකර ඉන්නකෝ...
අරුන්දතී : ඒක තමයි මම කලින්ම කිව්වේ ටැක්සියක් අරං එමු කියලා. මේ ලමයි එක්ක පාරේ රස්තියාදු වෙන්න බෑ.
දමින්ද : මොකේ ගියත් යන්නේ එකම ගමන , එකම තැනට නේ......අනික කොහෙ තියෙන සලලියක්ද නිකං නාස්ති කරන්න
අරුන්දතී : අපොයි ඔව්......තමුසෙට මටයි දරුවටයි වියදම් කරන්න තමයි සල්ලි නැත්තේ....අනිත්  ඒවට නං ඉතින්.........
දමින්ද : නිකං පිස්සු දොඩවන්නෙ නැතුව ඉන්නවා.
අරුන්දතී : මට තමුසේ එක්ක ඉදලා පිස්සු නොහැදුනොත් තමයි පුදුමේ.
දමින්ද : කෑ ගහන්න එපා යෝධියේ . මේ ගෙදර නෙමෙයි....බස් එකේ මිනිස්සුත් බලනවා.
කාන්තාව කුඩා දරුවා ඔඩොක්කුවේ තුරුලු කර ගනිමින් කවුලුව දෙසට නෙත් යොමයි.
බස් රථය වේගයෙන් ඉදිරියට ඇදෙයි.
ලිපිගොනුවක් රැගත් තරමක් වයෝ වෘධ යුවලක් බසයට ගොඩවෙයි. ඔවුන් ඉදිරිපෙල අසුනක අසුන් ගනී.
රූපා : මගේ හිතටනං මහා මොකද්දෝ වගේ.....
උපාලි : ඔයා කලබල නොවී ඉන්න....මම හොදට හිතලා තමයි මේ තීරණේ ගත්තේ....
රූපා : ඒත් ලොයර් කිව්වා අපිට මේ ගැන තව ටිකක් හිතලා බලන්න කියලා.
උපාලි : තව මොනව හිතන්නද......නහයටත් උඩින් වතුර ගියාට පස්සේ
රූපා : මොන හිතුවක්කාරකම කලත් උන් අපේ දරුවොනේ...
උපාලි : දරුවො නෙමෙයි මුන්.......මීට වඩා හොදයි හරක් පැටව් තුන්දෙනෙක් පුන්නක්කු දීලා හදා ගත්තනං....අඩුම තරමේ ඔලුව අතගානකොට උම් බෑ වත් කියයි.
රූපා :මම හිතාගෙන හිටියේ චුටි පුතාවත් අපිට කීකරුව අපි කියන දෙයක් අහගෙන ඉදියි කියලා.
උපාලි : මමත් හිතාගෙන හිටියේ ඌට මේ ඕක්කොම බාර දීලා සැනසීමේ ඉන්න. ඒත් ඌත් ගියේ අනිත් හරක් දෙන්නා ගිය පාරෙනේ.
රූපා :එක අතකට මේවා අපේ වැරදි.......අපි සල්ලි පස්සේ දිව්වා මිසක් දරුවො තේරුම් ගන්න අපි උත්සාහ කලේ නෑ.
උපාලි : අපි කොච්චර දුක් මහන්සියෙන්ද මේවා හරි හම්බ කරලා මුන්ට උගන්නලා ලොකුමහත් කෙරුවේ.........මම නං දරුවො හිටියේ නෑ කියලා හිත හදාගෙන තමයි මේ තීරණේ ගත්තේ.
බස් රථයේ වේගය ක්‍රමයෙන් අඩුවේ.
වයෝවෘධ යුවලක් බස් රථයට ගොඩ වෙයි. වියපත් පුරුෂයා ,කන්තාව වත්තම් කර ගනිමින් ඉදිරියෙන්ම අසුන් ගනී.
පුෂ්පා : ඇවිදල මගේ කකුල් දෙක හොදටම රිදෙනවා අපේ මහත්තයා.
මහින්ද : මේ බෙහෙත් ටික බිව්වහම ඕක අඩුවෙයි.
පුෂ්පා : මට පුතාව ඊයෙත් හීනෙන් පෙණුනා.....පුතා ඇවිල්ලා මගේ ඔලුව අතගාලා "අම්මා මොකද" කියලා ඇහුවා.
මහින්ද : ඔයා රෑ තිස්සේ ඔය ටෙලිනාට්‍යය බලන එක නවත්තන්න, එතකොට ඔය විකාර හීන පේන එක නවතියි.
පුෂ්පා : මගෙ ඔපරේෂන් එකට කලින් අපි පුතාට ඇවිල්ලා යන්න කියලා කෝල් එකක් දෙමුද?
මහින්ද : ඩොක්ටර් කිව්වනෙ ඊලග ඔපරේෂන් එකෙන් පස්සේ ඔය අමරුව අඩුවෙයි කියල.
පුෂ්පා : පුතා ගිහින් අවුරුදු පහකටත් කිට්ටු උණා. මට ආසයි පුතාව බලන්න.
මහින්ද : පුතාට එහෙම එකපාරට නිවාඩු ගන්න අමාරු ඇතිනෙ.......අපි පුතාට කරදර නොකර ඉමු.
වියපත් පුරුෂයා කාන්තවගේ හිස අතගාමින් සිය උරහිසට ඇය වත්තම් කරගත්තේය.
බස් රථය තවත් නැවතුම්පලක නතර වෙයි.
(මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය.)

story by
daminda dampahalage
Thursday, March 20, 2014

ලක්ෂ පහ


ලක්ෂ පහ

හැදින්වීම

වංචා සහගතව පිහිටුවා ගන්නා මුල්‍යය සමාගම් විසින් මිනිසුන්ගේ මුදල්  සුක්ෂම ලෙස කොල්ල කෑම වර්තමානයේ ශ්‍රීලංකාවේ ඇති වී තිබෙන නව ප්‍රවණතාවකි.සක්විති ,ගොල්ඩන් කී ,දඩුවම මුදලාලිගේ පටන් මෑතක හෙලිදරවු තිස්සමහාරාම ලුමිනොස් වංචාව දක්වා මෙය පැමිණ  ඇත. දුප්පත් ගොවියාගේ රුපියලේ සිට මහා පරිමාණ ව්‍යාපාරිකයාගේ කෝටිය    දක්වා   මුදල්  වැඩි පොලී අනුපාතික ලබා  දෙන මුවාවෙන් මෙම සමාගම් විසින් කොල්ල කා ඇත. මින් වැඩිපුරම අසරණතාවට හා පීඩනයට  පත්ව ඇත්තේ තම කණ කර පවා
උගස් කර තමන් මුලු ජීවිත කාලය පුරාවටම ඉපයූ සියලු මුදල් මෙම සමාගම් වල ආයෝජනය කල මධ්‍යම පාංතික ජන කොට්ඨාසයය. මේ තවත් එවැන්නකුගේ කථාවකි.


                                                               ලක්ෂ පහ

“හෝමාගම බහින්න. හෝමාගම” බසයේ කොන්දොස්තරගේ හඩින් සුමනසේකර මහතා හමුදාපෙල පාලියක අණ ලද්දෙකුසේ සිය අසුනෙන් නැගී සිටියේය. බදාදා පොල දිනයක් වු බැවින් මුලු හෝමාගම නගරයම එකම කලබලයකි. සෙනග බසයෙන් බැසීමටත් පෙර එලවලු මලු උස්සාගත් මගීහු බසයට ගොඩවීමට පොරකන්නට විය.සුමනසේකර මහතාද කෝන්දොස්තර කොලුවාගේ වදෙන් පොරෙන් හෙමිහිට බසයෙන් බිමට බැස ගති. නිතර දෙවේලේ සිය බිරිද සමග බදාදා පොලට පැමිණෙන විශ්‍රාමික ගුරුවරයෙක් වු සුමනසේකර මහතා හෝමාගම නගරයට ආගන්තුකයෙක් නොවුවද අද සුමනසේකර මහතාට එය එසේ නොවීය.වෙනදාට වඩා සිතට ගතට යම් අමුත්තක් ඔහුට දැනෙන්නට විය.වෙනදාට ඔහු කෙරෙන් මතුවන සන්සුන්කම අද පහව ගොසිණි.ඔහු පදික වේදිකාවේ කඩ අතරින් ටවුම දෙසට පය ඉක්මන් කරන්නට විය.සුමනසේකර මහතාගේ පයේ හයියට පදික වේදිකාවේ වෙලදුන්ගේ අඩහැරය ක්‍රමයෙන් පහවීයත්ම  සමාගම් ගොඩනැගිල්ල ඔහුට ඉදිරියෙන් දිස්වන්නට විය.තම සිතට යම් සැහැල්ලුවක් දැනෙන්නාක් මෙන් ඔහුට හැගුණි.එහෙත් ඔහු  සිය දෙපය ඉක්මන් කර ගොඩනැගිල්ල තුලට ඇතුලු විය.  ගොඩනැගිල්ල තුල කාර්ය්‍ය බහුල ස්වරූපයක් ඉසිලු අතර සෙනග කවුන්ටර්වල පෝලිං ගැසී සිටිනු ඔහුට දැකගත හැකිවිය.මොහොතක්වත් පමා නොවු සුමනසේකර මහතාද කවුන්ටර පෝලිමකට රිංගා ගති.

පසුදා  විශ්‍රාමික ගුරු සමිතියේදී ඇතිවු කත බහ ඔහුගේ සිතට නැවත ආවර්ජනයවන්නට විය. තම මිතුරන්ගේ කතා දෙසවන තුල දෝංකාර දෙන්නාක් මෙන් ඔහුට දැනුණි.

“මැණිකෙ මිසුත් ලක්ෂ දහයක්ම ඕකෙ දාල තිබිල තියෙනවා”
“මැණිකෙලාටනං මොකද මචං  දේපල ඉඩකඩං නැතුව කියලෑ. මට දුක අර සරණේ වගේ අහිංසක මිනිස්සු ගැන”
“මටත් පෙරේදා සරණපාලව හම්බ උනා.මේ ටික දවසට මිනිහා පිස්සෙක් ගානට වැටිලා, හූල්ලනව අහගෙන ඉන්න බැරි තරමට දුකයි.”
“පිස්සු නොහැදි තියෙවි ඈ. ඒ මනුස්සයා මුලු ජීවිතකාලෙම හම්බු කරපු සල්ලි ටික තමයි ඔය දාලා තිබිල තියෙන්නෙ”
“අහිංසක මිනිස්සු කීදෙනෙක් දුක් මහන්සියෙන් හම්බකරපු සල්ලි ඔය තැන්වල දාලා තිබිලද?”
“එක අතකට මිනිස්සුගෙත් තණ්හාව. කීයක් හරි වැඩිය දෙනවා කියපු ගමන් ඕන කුණුගොඩකට අතගහනවා.”
“මම නං මචං බැංකුවකවත් ඔය ලොකු සල්ලියක් දාලා තියන්නෙ නෑ. එක්කො ගෙදර වැඩකට හරි ලමයින්ගෙ වැඩකට හරි යොදවනවා.”
“එක අතකට දැන් රටේ  වෙන දේවල් ඇහුවම සල්ලි ගෙදර ගෙනල්ලා තියාගන්න එක තමයි කරන්න තියෙන හොදම වැඩේ.”
“ඔව් ඉතිං පුස් කනව කියලෑ. අඩුම තරමේ තමන්ගෙ සල්ලි තමන් ලග කියලා හිතට හරි සැනසිල්ලක්නෙ.”
පැයක හමාරක වේලාව්ක් සමාගම් කාර්යාලය තුල  ගත කල සුමනසේකර මහතා එදින ඉන් පිටවුයේ එහි ස්ථාවර තැන්පතුවක දමා තිබු තමාගේ ලක්ෂ පහක මුදලද රැගෙනය.
හැටවන වියට පා තබා සිටින සුමනසේකර මහතා විශ්‍රාමික ගුරුවරයෙකි. ගැහැනු දරුවන්ම තිදෙනෙක් වු සුමනසේකර යුවලට පවුල් බරෙන් අඩුවක් නොවීය.අසාර්ථක විවාහයකින් පසු ගෙදර පැමිණ සිටින සිය වෑඩිමහල් දියණිය හා ඇගේ දරුවාටද රැකවරණය සැපයීමට සිදුවී තිබුයේ සුමනසේකර යුවලටය.පාසැල් යන පවුලේ බඩ පිස්සිත් , සරසවි වරම් ලද මද්දුමීත් ඇතුලුව පවුලේ සියලු ආර්ථික අවශ්‍යයතා සැපිරීමට සිදුවුයේ සුමනසේකර මහතාගේ විශ්‍රාමික වැ‍ටුපට හා ඔහුගේ තිස්වසරකට ආසන්න ගුරු සේවයෙන් ඉතිරිකරගත් ලක්ෂ පහකට ලැබෙන පොලි මුදලටය.එහෙත් අද දින සිට තමන්ගේ එක් ආදයම් මර්ගයක් වැසී ගොස් ත්මන් තවත් කබලෙන් ලිපට වැ‍ටුණිදෝ යන සිතුවිල්ල සුමනසේකර මහතාගේ සිතට වද දෙන්නට විය.එහෙත් එම සිතුවිල්ල යටපත් කරමින් සිය බිරිදගේ වදන් ඔහුගේ මනසෙහි දෝංකාර දෙන්නට විය.
“කියන දේ අහලා ඔය සල්ලි ටික අර ගන්නවා මනුස්සයො. මේ කාලේ කිසිම මිනිහෙක් ඔය තරම් ලොකු ස්ල්ලියක්  කොහෙවත් දාලා තියන්නෑ.අර හන්දිය කඩේ මුදලාලිත් ඕකේ දාලා තිබුණු සල්ලි සේරම අර ගත්තලු.අපිට තව බන්දල දෙන්න කෙල්ලො දෙන්නෙක්  ඉන්නවා.මොකද අපට විකුණන්න දේපල ඉඩකඩම් තව තියෙනවා කියලෑ.අනිත් සේරම මිනිස්සු මේකාලේ තමන්ගෙ සල්ලි බේරගන්න දත කට කනවා. මෙයා විතරක් ගෙදරට වෙලා වෙස්සන්තර වෙන්න හදනවා.කියනදේ අහලා හෙට උදේම ගිහිල්ලා ,පුලුවන් වෙලාවේ ඔය සල්ලිටික අරගෙන එනවා.රුපියල් හය හත්දාහක පොලිය වගේද මනුස්සයො ලක්ෂ පහක් කියන්නෙ.”
තොර‍තෝංචියක් නැතිව ඇදහැලෙන්නා වු වැස්සක් මෙන් පසුදා රාත්‍රිය පුරා ඇසුණු බිරිදගේ වදන් සුමනසේකර මහතාගේ දෙසවන තුල දෝංකාර දෙන්නාක් මෙන් විය.
බසයෙන් බිමට බට සුමනසේකර මහතා තමාගේ පොතු ගැලවුණු හම් බෑගයද තරයේ අල්ල ගනිමින් වෙනදා මෙන් හංදියේ සුනංගු නොවී හැකි ඉක්මණින් තම නිවස දෙසට පය ඉක්මණ් කලේ දෑස් පොලවට යොමා ගෙනය.ප්‍රදේශය තුල පිලිගත් පුද්ගලයකු වු සුමනසේකර මහතා මගතොටේදී හමුවන ඕනෑම පුද්ගලයකු සමග දොඩමලුවීමේ සිරිත අද දින ඔහුගේ සිතට වලංගු නොවීය. ගම්සභා පාර දිගේ ඇවිද එන සුමනසේකර මහතට සිය බිරිද ආලින්දයේ මග බලමින් සිටිනු ඈත තියාම නෙත ගැ‍ටුණි.

“මං ඒත් බැලුවා ටිකක් පරක්කුවෙන කොට මොකද කියලා” සුමනසේකර මහතා ගෙට ගොඩවීමටත් පෙර සිය බිරිද තෙපලන්නට විය.
“ඒකේ සෙනග පිරිල” ඔහු සිය බිරිද අත ප්‍රවේසමට හම් බෑගය තබමින් පැව්සුවේය.
“ඔක්කොම සල්ලි හම්බ වුණාද?”
“හ්ම්”
“ඕන්න දැන් තමයි මගේ ඇගට ලේ ටිකක් ඉනුවේ” ඇය බෑගය තුරුල්ලට ගනිමින් පැවසුවය.
සුමනසේකර මහතා කමිසයේ බොත්තම් ලිහිල් කරමින් සිය බිරිද පි‍ටුපසින් ඇදුණාය.නිවස තුල වසා දමා තිබු ගබඩා කාමරය ගවුම් සාක්කුව තුල වු යතුරකින් විවර කල ඇය එහි තැන තැන ගොඩගසා තිබෙන ලට්ට ලොට්ට එහා මෙහා කරන්නට විය.
“ඔයා ඔය  මොකද කරන්න යන්නේ?” සුමනසේකර මහතා විමසුවේ බිරිදගේ ක්‍රියාවෙන් විලම්බීත වූයෙක් සේය.
“මේ ටික පරිස්සම් ඇති තැනක තියන් එපැයි” බිරිද තෙපලේය.
“ඒකම තමයි මමත් මේ කියන්න කටගත්තෙ”
බිරිය ගබඩා කාමර්යේ කොනක තබා තිබු පෙට්ටකම විවර කලාය. ඉන් අනතුරුව එහි වු පිගන් බඩු ඉවතට ගත් ඇය හම් බෑගය
තුලින්ගත් මුදල් නොට්ටු සහිත කවරය පෙට්ටගම් පතුලෙ තබා නැවත ඒ මත පිගන් බඩු පුරවා පෙට්ටගම වසා යතුර ගවුම් සාක්කුව තුලට ඔබා ගත්තාය.
“මෙතන වැඩිය කාගෙවත් ඇහැ ගැටෙන්නෑ. ආරක්ෂාවත් හොදයි.” ඇය විලම්බීතව බලා සිටින සැමියා දෙස බලා පැවසුවාය.
අනතුරුව යුවල ගබඩා කාමරය වසාදමා නිවස තුලට වැදුණි.
වෙනදාට අටහාමාරේ ටෙලි නාට්‍යයෙන් පසුව නින්දට යන සුමනසේකර මහතා එදා රාත්‍රි දහය පසුවන තුරුත් රූපවාහිනියේ චැනල මාරුකරමින් සිටියේය.නින්ද ඔහු අහලකවත් නෙවීය.වරින් වර ඔහුගේ සිත තුල නොයෙකුත් සිතිවිලි පැන නගින්නට විය. ඒ සියල්ල සුමනසේකර පවුලේ අනාගතය හා තමා රැගෙන ආ ලක්ෂ පහ හා සම්බන්ධ ඒවා විය.

“මද්දුමීගේ අන්තිම අවුරුද්ද නිසා අද හෙටම පත්තරේට දාලා මනමාලයෙක් හොයන්න පටන් ගන්න ඕනා.ලොක්කිට වගේ නෙමෙයි මද්දුමීට යමක්කමක් තියෙන තැනකින් බලන්න ඕනා. ඊට ඉස්සෙල්ල මේ ගෙයි ඉස්සරහ පැත්තෙ රෙපයාර් එක කරගන්න ඕනා. නැත්තං කෙලී බලන්න එන මිනිස්සු හිතයි අපි මහ කෝඩකාරයෝ කියලා.කෙල්ලට දෑවැද්දට මුදලින් ලක්ෂයක් දෙනවා කියලම පත්තරේ දාන්න ඕනා.මගුලක් ගන්නත් ලක්ෂයක් හමාරක් විතර යයි.ඉතිරි සල්ලි ඔක්කොම පොඩි කෙලීට අරන් තියනවා.පොඩ්ඩිටනං තව කල වයසක් කියලෑ. එහෙම වුණොත් ටිකක් ගුරු  විශ්‍රාම සමිතියේ සීට්ටුවට දානවා.මගුලක් කනව නං ගෙදරට අලුත් බඩු මුට්ටුට ටිකක් ගන්නත් වෙනවා.ලොක්කි ගැන නොබලත් බෑ.ඒකිටයි පොඩි එකාටයි යන කල දවසක් බලන්නත් ඕනෑ.”
“අද ඔයා නිදා ගන්නෙ නැද්ද?” සිය බිරිදගේ හඩින් සුමනසේකර මහතා නැවතත් පියවි ලෝකයට අවතීරණ විය.
තමා පෙරලා එම ප්‍රශ්නයම සිය බිරිදගෙන් ඇසිය යුතුව තිබුණද සිය බිරියගේ සිත ගැන දන්නා සුමනසේකර මහතා නිහඩවම රූපවහිනිය වසා දමා ඉස්සරහ කාමරයට රිංගා ගති.ලොකු දියණිය හා මුණුපුරා මහගෙදරට පැමිණිදා සිට සුමනසේකර මහතා තනිවම ඉස්සරහ කාමරයේ නිදා ගැනීමට පුරුදු වී සිටියේය. ඔහු කාමරයේ විදුලි බුබුල නිවාදමා ඇදේ වැතිරුණි.මොහොතකින් ආලින්දයේද විදුලි බුබුල නිවී දොර වැසෙණු ඔහුට ඇසුණි.
තමාගේ හුස්ම ගැන්ම ඇසෙණ තරමටම මුලු නිවස පුරාවටම අදුර සමග නිහැඩියාව පැතිර යන්නට විය. අවට නිහැඩියාව පැතිරුනද සුමනසේකර මහතාගේ සිත තුල නම් එකම කාලගෝට්ටියක් විය.තමන් ගෙදර රැගෙන ආ ලක්ෂ පහක මුදලෙන් කලයුතු දෑ පිලිබද සිතුවිලි කුබි ගුලක් තුලට ඇදෙන කුහුබුවන් මෙන් ඔහුගේ සිත තුල පෙලගැසෙන්නට විය.
ක්‍රමයෙන් හෝරා කිහිපයක් ගතවී මැදියම පසුවන තුරුත් සුමනසේකර මහතාට නින්දක් නොවීය. ඔහු ඇදේ ඒ මේ අත පෙරලෙමින් නින්දක් ලබාගැනීමට ගත් උත්සාහය ඔහු මේ වන විටත් අත්හැර දමා තිබුණි.ඔහු සිතට තම ගත ආක්‍රමණය කිරීමට ඉඩ හැර නිසොල්මනේ දෙනෙත් පියා ඇද මත වැතිර හුන්නේය.
හදිසියේ පිලිකන්නේ බල්ලා බුරන ශබ්දයක් ඇසුණෙන් සුමනසේකර මහතා සිය විදුලි පන්දමද රැගෙන ආලින්දයට පැමිණියේය.මෙතෙක් ජීවිතයේ කිසිම දිනක සොර සතුරු උපද්‍රවයකට මහුණ නොපා තිබුණද අද සුමනසේකර මහතාගේ සිතට තරමක චකිතයක් දැනෙන්නට පටන්ගෙන තිබුණි.එහෙයින් ඔහු විදුලි පන්දම කිහිපවිටක් මිදුල දෙසට අල්ලමින් පිලිකන්න දෙසට පියමැන්නේය.
සුමනසේකර මහතා දු‍ටු බල්ලා හීන් කෙදිරියක් ගා නිහඩවම බිම වැතිරී නගුට වනන්නට විය.එහෙයින් ඔහුද විදුලි පන්දම පිලිකන්නේ වත්ත වටා කිහිප විටක් අල්ලා නැවත නිවස තුලට යාමට සැරසුණි.
හදිසියේම නිවස තුලින් හඩක් ඇසුණි.එකවරම හඩ කුමක්දැයි වටහාගත නොහැකි වුවද හඩ පැමිණියේ නිවස තුලින් බවට සුමනසේකර මහතාට සක් සුදක්සේ පැහැදිලිය. ඔහු මොහොතක්වත් පමා නොවී නිවස තුලට පය ඉක්මණ් කලේය.එහෙත් ඔහු නිවසේ ආලින්ද්යේ පඩිය නගිනවත් සමගම තවත් වරක් නිවස තුලින් ශබ්දයක්
ඇසුණි. මෙවර කලින්ට වඩා උස් හඩට ඇසුණු ශබ්දයෙන් සුමනසේකර මහතාගේ ඇග කිලිපොලා ගියේය. බිය සැක ඔහුගේ සිතෙහි රජයන්ට විය.වහා සිය කාමරයට වැදුණු ඔහු අදුරේම අත පත ගා ඇද අසල වු කිතුල් පොල්ල අතට ගත්තේය. විදුලි පන්දමත් නිවා දමා ඔහු හෙමින් සීරුවේ නිවස තුලට ඇතුල් විය.පොහොය ගෙවී වැඩි දිනක් නොවුවෙන්  ජනේල අතරින් නිවස තුලට හද එලිය වැටී තිබුණි.
හදිසියේම නැවතත් එම ශබ්දයම ඇසුණි.මෙවර ශබ්දය පැමිණියේ ගබඩා කාමරයෙනි.සුමනසේකර මහතාට තරු විසිවුණි.එහෙත් ඔහු සිත දමනය කර ගනිමින් හෙමින් සීරුවේ ගබඩා කාමරයේ දොරකඩට ලංවිය.ගබඩ කමරයේ දොර හොදින් වසා තිබුණි.ඔහු හෙමින් සීරුවේ දොරට කන තැබුවේ කලින් ආ ශබ්දය නැවත නො ඇසුණු හෙයිනි.එහෙත් කාමරය තුල යමක් බිම ඇතිල්ලෙන ශබ්දයක් නිරන්තරයෙන් ඔහුගේ කන වැකෙන්නට විය.ඒත් සමගම සුපුරුදු ශබ්දයද විටින් විට ඇසුණි.කාමරය තුල යමෙකු සිටින බව ඔහුට සක්සුදක් සේ පැහැදිලි විය. කෑ ගසා නිවැසියන් අවදිකිරීමට ඔහුට සිතුණි.එහෙත් ඒ අවසරයෙන්  සොරා තම මුදල්ද රැගෙන පලායාවියයි ඔහුට සිතුණි.නිවසේ පිරිමියකුට කියා සිටින්නේ තමා පමණක් බව සිතූ සුමනසේකර මහතා සිතට වීර්යය ගත්තේය.කලයුතු සුදුසුම දේ  සිතු ඔහු අසල තිබු ඇදි පු‍ටුව හීන් සීරුවේ දොරට සිර කලේය.ඉන් අන්තුරුව කිතුල් පොල්ල තරයේ දෑතට ගෙන නිවස පි‍ටුපසට මුහුණලා ඇති ගබඩා කාමරයේ ජනේලය වෙත හීන් සීරුවේ පිය මැන්නේය. ජනේලයේ පියනක් විව්තව තිබෙණු දු‍ටු ඔහු තව තවත් සිතට වීර්යය ගෙන ජනේලයට කිට්ටුය විය.ගබඩා කාමරය තුලින් එන සුපුරුදු ශබ්දය හා බිම ඇතිල්ලෙන හඩත් දැන් බොහොම පැහැදිලිව ඔහුට ඇසෙන්නට විය.
සොරෙකු ජනේලයෙන් කාමරයට ඇතුලු වී ඇති බවට සුමනසේකර මහතාට දැන් කිසිදු සැකයක් නොමැත.ඔහුගේ දහඩිය වගුරන දෑත් අතර සිරකරගත් කිතුල් පොල්ලද මානමින් ඔහු හෙමින් සීරුවේ ජනේලයට එබුණි.එහෙත් ජනේලයේ යකඩ පට්ටමට කිසිදු හානියක් නොවී තිබෙණු දු‍ටු ඔහු තරමක් මවිත වුවද ඒ ගැන නොතකා ඔහු ශබ්දය එන දෙසට කන්දීගෙන ජනේලයෙන් කාමරය තුලට එබුණි.
ගබඩා කාමරයට වැටී තිබුණු සද එලිය සුමනසේකර මහතාට සියල්ල එකවර දර්ශනය කලේය. තම බිරිද පෙට්ටකම අසල පැදුරක් එලා බිම නිදා හුන්නාය.විටින් විට ඇය මදුරුව්න් තලමින් පැදුරේ අත් පය අතුල්ලන අයුරු සුමනසේකර මහත ගල් ගැසී බල හුන්නාය.

සිය කාමරයට වැදී ඉතිරි හෝරා දෙකත් නිදි වර්ජිතව ගත කල සුමනසේකර මහතා පසුදින උදයේම බිරිදගේ රැවිලි ගෙරවිලි මැද බැංකුවකට ගොස් තම මුදල නැවත තැන්පත් කලේ සිතේ සහනය  ලක්ෂ පහකට වඩා වටිනා බව සිතමින්ය.
story by
daminda dampahalage
Monday, March 17, 2014

කලු යක්කු හා සුදු දුම්මල


                                                                                          

" ජයේ ඔයා දැක්කද මේ දැන්වීම?"  එක් ඉරිදා දිනයක මගේ බිරිද පෙන්වු පත්තර පිටුවක අල්පෙනිති අකුරෙන් මුද්‍රණය කර තිබු පේලි කිහිපයකට මගේ අවධානය යොමු වුයේ නිතැතින්ය.
                                       පර්:10 ,කාමර 3, සාලය සමග අංග සම්පුර්ණ නිවස විකිණීමට,
                                       මිල ලක්ෂ 20 .
මෙපමණකල් තැන තැන කුලී නිවෙස්වල වාසය කල අපට අපේම කියා නිවසක අවශ්‍යයතාව තදින්ම දැනෙමින් තිබුණි. එහෙත් ආර්ථික අපහසුතා නිසා දිනෙන් දින එම අරමුණ ප්‍රමාද කීරීමට අපට සිදුවී තිබුණි. කෙසේ නමුත් අපි එදින සවසම නිවස බැලීමට ගියෙමු.බංගලාවත්ත පාරට හැරී ලේන් තුනක් පසු කල තැන වමට පිහිටි බොරලු පාරේ කෙලවරෙහිම අපගේ නිවස පිහිටා තිබුණි. නමක් දක්නට නොලැබුණු එම බොරලු පාරටම තිබුණේ ගෙවල් දෙකක් පමණි.ඉන් එකක් අප බැලීමට පැමිණි නිවස වු අතර අනෙක පැරණි තාලයට
සදන ලද උලු සෙවිල්ලූ පරණ ගෙයක් විය. කෙසේනමුදු අප බැලීමට පැමිණි නිවස ඉතා නවීන පන්නයට සාදන ලද තනිමහලේ ගෙයක් විය. මෙතෙක් අප බැලු නිවෙස් අතරින් මෙය අප ආර්ථිකයට සරිලන හුරුබුහුටි කදිම නිවහනක් විය.තවත් ප්‍රමාද නොවු අපි මසක් ඇතුලත නිවස කිසිදු කේවල් කිරීමකින් තොරව අත්පිට මුදලට මිලදී ගෙන එහි පදිංචි වුයෙමු.

මාගේ බිරිද නගරයේ කාර්යාලයක සේවය කල අතර පාන්දරින් නිවසෙන් පිටව යන ඇ‍ය පැමිණෙන්නේ සවස් භාගයේය.මාස්පතා පලවන කාලීන සගරාවක කර්තෘවරයකු ලෙස සේවය කල හෙයින් මගේ කාර්යාල කටයුතු බොහෝමයක් මා සිදුකරනු ලැබුවේ නිවසේ සිටය. එහෙයින් අප නව නිවස පිහිටා තිබු නිදහස් හුදකලා පරිසරයද මෙම නිවස මිලදී ගැනීමට මා පෙලඹවු  තවත් එක් ප්‍රධාන හේතුවක් විය. ප්‍රධාන පාරේ සිට මීටර 100ක් පමණ ඇතුලට විහිදුණු බොරලු පාරේ අසල් වැසියකුට වු එකම නිවස අප නිවසට යාබදව වු පරණ ගරා වැටුණු නිවස විය. අප නිවසට පැමිණි පලමු දිනයේ පැවත් වු සාදයෙන් අනතුරුව මා කිරිබත් පිගානකද රැගෙන අසල්වැසි නිවසට ගොඩ විය. කාලයකින් අලුත් වැඩියාවක් නොවු හෙයින් නිවසේ පිටත බිත්ති සියල්ල පොතු ගැලවීමට ලක්වී තිබුණි. නිවස ඉදිරිපිට මිදුලද විශාල වද කොස්ගසේ කොල වැටීමෙන් අපිරිසිදු වී තිබුණි. මා වසා දමා තිබු දොර ජනේල වලට තට්ටු කරමින් නිවසේ කිසිවකු සිටීදැයි විපරම් කලද , එහි මිනිස් වාසයක සේයාවක් නොවීය.
අප නිවසේ පදිංචියට පැමිණ දින කිහිපයක් ගත විය. එක් ඉරිදා දිනක සවස ත්‍රී රෝද රථයක් පැමිණ අසල් වැසි මිදුලේ නතර විය. සුදු සරමක් හා අත් කොට මේස් බැනියමක් ඇදගත් තරමක් වයසක පෙනුමක් ඇති පුද්ගලයකු බැස නිවසට ඇතුලුවනු පෙණුනි. ඔහු සතුව ගමන් මල්ලක් , කොහුලනුවකින් බදින ලද කාඩ්බෝඩ් පෙට්ටියක් හා දවුල් බෙරයක් ඇතුලු ආම්පන්න කිහිපයක් විය.ත්‍රී රෝද රථය නික්ම ගිය පසු ඔහු බඩු සියල්ලද සමග ගෙට ඇතුලු වී දොර අගුලු ලා ගනු පෙණුනි.පසුදින අලුයම දොරට ගසන ශබ්දයකින් මා තිගැස්සී ඇහැරුණි. මා බිරිදද මේ වන විට නිවසින් පිටව ගොස් තිබුණි. මම හෙමින් නැගිට ගොස් ඉදිරිපස දොරටුව විවත කලෙමි. එහෙත් කිසිවකු දොරකඩ නොවීය.මා හෙමින් මිදුලට බැස අවට විපරම් කලේය. එහෙත් කිසිවකු දැක ගත නොහැකි විය. එහෙයින් සිතෙහි ඇති වු සැකයද සමග මිදුලේ වනා තිබු සාලුවද රැගෙන මම පිටුපස කරාමය දෙසට ගියෙමි.

යමෙකු කුස්සියේ ජනේලයෙන් නිවස තුලට එබිකම් කරනු දුටු මා "කවුද?" සැරෙන් ඇසුවෙමි. ඔහුගේ උරහිස තෙක් වවන ලද අලු පැහැ ගැන්වුනු කෙස් වැටිය හා ඔහු ඇද සිටි සුදු ඇදුම පෙර දිනයේ සිටම මගේ මතකයේ රැදී තිබුණි.ඔහු දුර්වර්ණ වු දසන් විරිත්තා මා ඉදිරියට පැමිණියේය.
"මම උන්නෙ ගෙදර කවුරුත් නැතිව ඇති කියලා" ඔහු  පැවසුවේය.
"ඔහේ කවුද?"  මම එකවරම ඇසුවෙමි.
"මම  මේ අල්ලපු ගෙදර"
"අල්ලපු ගෙදර කවුරුත් හිටියෙ නෑනේ?" මම ඊයේ සිද්ධිය නොදන්නා ගානට පැවසුවෙමි.
"මම අපේ ගමේ වැඩකට ගිහින් ඊයේ හැන්දෑකොරේ ආවේ."
" ගම කිව්වේ?"
"මාතර....මාතර සුදු වැල්ලේ.....සුදු වැල්ලේ කට්ටඩියා කිව්වහම මාතර නොදන්න කෙනෙක් නෑ" ඔහු ආඩම්බරයෙන් පැවසුවේය.
"එතකොට ඔහේ මොකද කොලඹ කරන්නේ?"
"මගෙන් වැඩ කරවගන්න ලොකු මහත්තුරු ගොඩක් ඉන්නේ කොලඹ; ඒගොල්ලන්ගෙ වදේට තමයි මම මේ කොලඹ නැවතිලා ඉන්නේ."
"ලොකු උන්නැහේ මොනවගේ වැඩද කරන්නේ?" අප අතර කතා බහ තරමක් සුහද කිරීමට මා ඇසුවේය.
"ඔය සල්ලි නිල තානාන්තර වල බලයට කරන්න බැරි වැඩ ගොඩක් මගේ මේ සාත්තරේට පුලුවන් මහත්තයො". ඔහු එසේ පවසත්ම මගේ සිත තුල සියුම් කෘතුහලයක් මොදු වන්නට විය. කෙසේ නමුදු අපගේ පලමු කතා බහ අවසන් වුයේ මගේ යටි සිතට කුහුලක් පමණක් නොව නව අදහසක්ද ජනිත කරවමිනි.
 කලක් තිස්සේ මගේ සගරාවේ නිරන්තරයෙන් පලවු ඒකාකාරි ලිපි හෙයින් එහි ඒකාකාරී ස්වරූපයක් උසුලන බවට මට නිරන්තරයෙන් පාඨක චෝදනා එල්ල වෙමින් තිබුණි.එමෙන්ම ඉදිරියේදී මෙම තත්ත්වය සගරාවේ අලවියටද බලපානු ඇතැයි මා තුල කුකුසක් විය.එහෙයින් සගරාව තුල පල කල හැකි වෙනස් ආකාරයේ ලිපි පිලිබදව සොයමින් සිටි මා හට මොහුගේ හමු වීම හුදෙක් අහඹුවක්ම නොවීය. ඉදිරි සති කිහිපය තුල ඉඩක් ලද සැම විටම මම ඔහු හා කතා බහට යොමු විය. ඒ සෑමවිටම මාගේ ලිපි සදහා අවශ්‍යය කරුණු ඔහුගෙන්
සුක්ෂමව ලබා ගැනීමට මා යුහුසුලු විය. ඒ සදහා ඔහු නම්මා ගැනීමට බුලත් විට , බීඩි ,සුරුට්ටු ,රසකැවිලි වැනි පඩුරු පාක්කුඩම් ගෙනයාමට මා අමතක නොකලේය. කෙසේ නමුදු ගුප්ත විද්‍යාව පිලිබදව කරුණු රාශියක් මට ඔහුගෙන් දැන ගැනීමට හැකි වුවද මා සැමවිටම ඒ සියල්ල දෙස විද්‍යාත්මක කොණයකින් විමර්ශනාත්මකව  බැලීමට පරිස්සම් විය.මුල සිටම ඔහු පැවසු සමහර කරුණුවල අතිශෝක්තියක් මට දැණුනද , කල්යත්ම ඔහු විසින්  මෙම ගුප්ත විද්‍යාව ‍යැයි හදුන්වන දෙය කිසිදු විද්‍යාත්මක පදනමකින් තොර
හුදෙක් විශ්වාසය පමණක් මුල් කරගත් අසත්‍යක් ලෙස මට ප්‍රත්‍යක්ෂ විය.

"මට ආසයි ගුරුන්නාන්සේ වැඩක් කරනවා බලන්න". ඔහු පාලම් ඇදබාන  සාස්තරයේ ප්‍රයොගිකත්වය දැක බලා ගැනීමේ අරමුණින්
 දිනක් මම ඔහුට යෝජනාවක් කලෙමි.
"ලගදී පොඩි දෙහි කැපිල්ලක් තියෙනවා.......මම මගේ වැඩවලට පිටින් කවුරුත් ගෙනියන්නෙ නං නෑ.......ඒත් මහත්තයට කොහොමද මම බෑ කියන්නේ......." ඔහු මදක් කල්පනා කර පිලිතුරු දුනි.
"හැබැයි මහත්තයා එකක්...... වැඩේට දවස් තුනකට කලින් මස් මාලු නොකා පේවෙන්න ඕන. නැත්තං කිල්ලට අහුවෙනවා." ඔහු කොන්දේසියක්ද පනවා මගේ යෝජනාවට එකග විය.
එදින මමත් ,ගුරුන්නාන්සේත්, ඔහුගේ ගෝලයා ලෙස හදුන්වා දුන් ත්‍රී රෝද රථයේ රියදුරාත් යන අප තිදෙනා අදාල නිවස බලා පිටත් විය.නගරයට ඉතා ආසන්නව පිහිටා තිබු තෙමල් නිවස එම ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුට  අයත් වුවක් විය. ව්‍යාපාරික යුවලත් ඔවුන්ගේ කුඩා දැරියන් තිදෙනාත් ,මෙහෙකාරියත් හැරුණු කොට නිවසට පිටස්තරයන් වුයේ අප තිදෙනා පමණි. නිවැසියන් ගෙන් ලැබුණු සංග්‍රහ සත්කාර බුක්ති විදීමෙන් අනතුරුව ගුරුන්නාස්සේත් ගෝලාත් නා කියා පිරිසිදු වී සුදු පිරිවටින් සැරසුණි.ඉන් අනතුරුව
නිවසේ කාමරයක් තෝරා එහි සුදු රෙදි එලා මල් බුලත් තට්ටුවක් සකස් කෙරුණි.ඒ මත ගුරුන්නාසේගේ උපදෙස් පරිදි නිවැසියන් විසින් සපයා දුන් නොයෙකුත් දෑ ක්‍රමානුකූලව අතිරීම සිදු කරනු ලැබුවේ ගෝලායා විසිනි.

"හොදයි දැන් මහත්තය ඔය දෙහි ගෙඩි  අරන් ඇවිත් මම කියන මේ මන්තර කොටස කියන ගමන් තමුන්ගෙ අතින්ම එක එක මේ තට්ටුව උඩ තියන්න."
"ඕං සිද්ධි නමෝ නමං" නිවසේ ගෘහ මුලිකයා වු පුද්ගලයා මෙසේ පවසමින් ඔහු ගෙන ආ භාජනයේ වු දෙහි එකින් එක තට්ටුව මත පිරමිඩයක ස්වරූපයට සීරුවෙන් ඇතිරුවේය.
මේ සියල්ල දෙස විමසිලිමත්ව බලා සිටි මා හට ඒත්තු ගැන්වුණු පලවෙනිම කරුණ වුයේ ගෘහ මුලිකායා ඇතුලු නිවැසින් තුල මේ පිලිබදව ඇති දැඩි විශ්වාසය හා ශ්‍රද්ධාවයි.
ගුරුන්නාස්සේගේ උපදෙස් පරිදි නිවැසියන් සියලු දෙනා මල් බුලත් තට්ටුව ඉදිරියේ පැදුරක් එලා දොහොත් මුදුන් දී වාඩිවිය.  ගුරාද එරමිණියක් ඔතා නිවැසියන්ට පිටුපා මල් බුලත් තටුවට මූණලා වාඩිවිය. ඕනම තක්කඩියෙකුට කෝකටත් තයිලය බුදුන් යැයි කියන්නාසේ   අනතුරුව ඔහු විසින් සියලු දෙනාම පංචසීලයෙහි පිහිටුවන ලදී.
"මෙතන ඉන්න කවුරුත් මං කියපු විදිහට පේ වෙලා නේද ඉන්නේ?" ඔහු පලමුව විමසුවේය.
"එහෙමයි ගුරුන්නාසේ" ගෘහමුලිකයා භක්තියෙන් පිලිතුරු දුනි.
"එහෙමනං කවුරුත් එක්කලා වැද ගන්නවා හොදයි." ඔහු තටුව දෙසට හැරී මැතිරීම ආරම්භ කලේය. මිනිත්තු හෝරා වී ගෙවී ගියේය. කට්ටඩියා ආවේස වු ලීලාවෙන් මැතිරීම නොනවත්වා කරගෙන ගියේය. ඔහුගේ ගෝලයා ඔහු අසලට වී නිරන්තරයෙන් කට්ටකුමංජල් දුම් ඇල්ලීමේ නිරත විය. මධ්‍යම රාත්‍රිය පසුවී හෝරා කිහිපයක්ද ගෙවී ගියේය.ඒ වන විට මුලු කාමරයම චායාවක් පවා යාම්තමින් පෙනෙන තරමට කට්ටකුමංජල් දුමෙන් වැසී තිබුණේය.දැරියන් තිදෙනා නිදිකිරා වැටෙන මෙහෙකාරියගේ ඇකයේ නිදා සිටියාය. නිවසේ බිරිද හා සැමියා පමණක් බාගෙට වැද වැටෙමින් ඇස් පියා වාඩි වී සිටුනු පෙනුණි. මා තුලද නිදිමත රජයමින් තිබුණද මේ පිලිබදව තිබු කෘතුහලය නිසාම මම අඩවන් දෙනෙතින් කාමරයේ කොනක සිට කට්ටඩියා දෙස විමසිලිමත්ව බලා සිටියෙමි.හදිසියේ ගෝලයාගේ චරියාවේ වෙනසක් මට දැණුනි. ඔහු විටෙක නිවැසියන් දෙසත් ,විටෙක මා දෙසත් කිහිපවරක් විපරම් කරනු පෙනිනි.මාද ඔහුට සැක නොහිතෙන පරිදි දෙනෙත් අඩවන් කර නිද්‍රගත ස්වරූපක් මවා පෑවේය.ඔහු හිසින් කට්ටඩියාට ඉගියක් කරන්නාක් මෙන් මට පෙණුනි.කට්ටඩියා වහා ක්‍රියාත්මක වී ඔහුගේ ඇකයෙන් ගත් දෙහි ගෙඩි කිහිපයක් තටුව මත තැබුවේය.
කට්ටඩියාගේ මෙම  ක්‍රියාවෙන් මොහොතකට පසු මැතිරීම අවසන් විය. ඔහු ටිකක් සද්දයට උගුර පෑදුවේය. මේ කිසිත් නොදැන අන්ධ භක්තියෙන් නිදිකිරා වැටෙමින් සිටි නිවසියන්ද අවදිව හරි බරි ගැසුණි.

"ඔය වතුර කොරහක් අරන් එමු" ඔහු අණ කලේය.
මෙහෙකාරිය ගෙට දිව ගොස් වතුර පිරවු මැටි කොරහක් රැගෙනවිත් කට්ටඩියා ඉදිරියේ තබන ලදී.
"දැන් ගෙදර හැමෝම කොරහ ඉස්සරහට ඇවිල්ලා වැද ගන්නවා හොදයි" සියලුදෙනා කට්ටඩියාගේ කීම පරිදි කොරහ ඉදිරියට පැමිණියේය. ඔහු කුමක්දෝ මුමුණමින් ගිරයක් ගෙන ඊට තට්ටුව මත වු දෙහි ගෙඩියක් හිර කර පලමුව ගෘහමුලිකයාගේ නලලට තබා දෙවනුව එය දෙපලුකර කොරහට දැමීය.මේ අයුරින් දෙහි ගෙඩි එක දෙක වතුරට වැටෙත්ම කොරහේ වතුර රතු ලේපාටට හැරෙන්නට විය. නිවැසියන් විමතියෙන් සාදු කාර දෙන්නට විය.

"ඕන්න මහත්තයෝ දැන් ඉතින් මේ ගෙදර කරදර අදින් පස්සේ කම්මුතුයි ඔං" කට්ටඩියා පවසත්ම නිවැසියන්ගේ මලානික මුහුණු සිහින් සිනහවකින් ප්‍රබෝධමත් වනු පෙණුනි.
"දැන් ඉතින්  මේ ආරක්ෂා මුට්ටි ටික ඉඩමේ හතර කොනේ වල දානව හොදයි." කට්ටඩියා කුඩා මුට්ටි හතරක් නිවැසියන්ට බාර දෙමින් සිය අවසාන ජවනිකාවද රග දක්වා හමාර කලේය.
"හරි පුදුමයිනේ ගුරුන්නාන්සේ" මම ඇගට නොදැනී ඇසුවෙමි.
"මහත්තයෝ....ඕක ඔය නිකම්ම නිකං දෙහි කැපිල්ලක්ම නෙමෙයි..... මං කැපුවේ ඔය ගෙදරට ඊරිසියාකාරයෙක් කරපු කොඩිවිනයක්....." ඔහු ඇගේ පතේ තෙහෙට්ටුව පසෙක ලා උජාරුවෙන් පිලිතුරු දුණි.
"කොහොමද අර වතුර ලේපාට වුණේ?"
"ඒක ලේසි පහසු කොඩිවිනයක් නෙමෙයි......කොඩිවිනේට බැදල තිබුණේ රීරී යකාව.."
"රීරී යකාව?" මම ඉතා අපහසුවෙන් මුවගට නැගුණු සිනහව යටපත් කර ගනිමින් ඇසුවෙමි.
"නැතුව රීරී යකාව ගේකට බැන්දොත් ඉතින්.....ගෙදර ඉන්න කිරිසප්පයාගෙ ඉදන් මහ මනුස්සයා දක්වා ලේ උරා බොනවා...කරදර ලෙඩ දුක් දීලා පවුල් විනාශ කරල දානවා....අන්තිමට යනකොට යන්නේ මනුස්ස ජීවිත දෙක තුනක්වත් බිල්ලට අරගෙන ඕං "
කෙසේ නමුදු එදින අප නිවෙස් කරා පැමිණෙන විට අලුයම තුනද පසුවී තිබුණි. මා පැමිණෙන තුරු  අවදිව මග බලා සිටි බිරිදගෙන් බැණුමක්ද අසමින් මා කාමරයට වැදී නිදාගත්තේ මෙම මිත්‍යාව හා රැවටීම සම්බන්ධයෙන් ලිවීමට අවශ්‍යය කරුණු රැසක් සිතෙහි ගොනුකර ගනිමිනි.
කට්ටඩියා විසින් කරන ලද මෙම හුනියං කැපිල්ල හුදෙක් මිනිසුන් මුලා කර බඩ වඩා ගන්නා මැජික් සංදර්ෂණයක් බවත් වතුර ලේ පාට වීමට හේතුව මොවුන් විසින් දෙහි ගෙඩි තුලට සිරින්ජයක් ආධාරයෙන් සත්ව රුධිරය ඇතුලු කීරීම බවත් එය රීරී යකාගේ ක්‍රියාවක් නොවන බවත් මීට ආදාලව කරන ලද පරීක්ෂණාත්ම කෘති කියවීමෙන් මාහට තහවුරු විය.

දින කිහිපයක් ගත විය. මාගේ ලිපියද "කලු යක්කු හා සුදු දුම්මල මැයෙන්" ඉහල පාඨක ප්‍රතිචාර සහිතව සගරාවේ පලවිය.
දිනක් සවස කට්ටඩියා මා හමුවීමට පැමිණියේය.
"මහත්තයා හැන්දෑවට මුකුත් කලබලයක් නැත්තං යං අපිත් එක්ක හුනියං කැපිල්ලකට....."ඔහු මට ආරාධනයක් කලේය.
"හ්ම්......අනේ ගුරුන්නාන්සේ මට අද හවස පොඩි වැඩක් තියෙනවනේ...." කට්ටඩියා මේ ඇරයුම් කරන්නේ මට තියෙන ලෙන්ගතුකමකට නොව ඔවුන්ගේ මග වියදම මගෙන් පිරිමහ ගන්නට බව හොදාකාරව දන්නා මම එය හීන් සිරුවේ මග හැරියෙමි.
"මහත්තයාගෙ කැමැත්තක් ......අර මහත්තයා ආසයි කියපු හින්ද මම ඇහුවේ....." කට්ටඩියා නික්ම ගියේය.
කට්ටඩියා නික්ම ගිය පසු මගේ සිතට අපුරු අදහසක් පහල විය. මා ආලින්දයේ පුටුවකට බරවී කට්ටඩියාගේ නිවස දෙස ඇස ගසා සිටියෙමි. මා පුලපුලා බලා සිටි මොහොත එලඹුණි. කට්ටඩියා සුපුරුදු පරදි නිවසේ දොර අඩවල් කර පහල වෙලේ පිහිටි නාන ලිදට නික්ම යනු පෙනුණි. මා වහා ක්‍රියාත්මක වී කට්ටඩියාගේ නිවසට ඇතුලු විය. නිවසේ ඒ මේ අත විපරම් කල මා කාමරයක ඇද මත තබා තිබු කට්ටඩියා ගුරුකම් සදහා රැගෙන යන ගමන් මල්ල නෙත ගැටුණි.මාගේ අනුමානය නිවැරදිය විය.මල්ල තුල මා බලාපොරොත්තු වු පරිදි දෙහි ගෙඩි තුනක් විය. මා වහා ඒවා ඉවතට ගෙන මගේ කමිස සාක්කුවෙ සගවාගෙන ආ දෙහිගෙඩි වලින් ගත් දෙහි ගෙඩි තුනක් ඔහුගේ මල්ලට ඔබා ඔහුට සැකයක් නොහිතෙන පරිදි මාරු විය.

පසුදා පාන්දරම බිරිද මා අවදි කලේය.
"ජයේ නැගිටින්න .....මේ තේක බොන්න"
"කෝ අල්ලපු ගෙදර කට්ටඩියා ඇවිල්ලද?" පසුදා රාත්‍රිය පුරා කට්ටඩියාගේ පැමිණීම අපේක්ෂාවෙන් බලා සිට නින්දක් නොලැබූ මා නිදිගැට කඩමින් විමසුවෙමි.
"මම කොහොමද දන්නෙ..... අල්ලපු ගෙදර මිනිහ එනකං ඇහැරං බලං ඉන්න ඔයාට වගේ පිස්සුවක් මට නෑ.....අනික ඔයාම නේද කිව්වේ ඔය මිනිහා මහ බොරුකාරයෙක් කියලා......ඒ කියලා ඔයා මොකද ඔය මිනිහ එක්ක ඔච්චර පයුරු පාසානමක්.." මේ කිසිවක් නොදත් බිරිද මගේ ඇගට ගොඩවිය.
"ඔයා ගිහිල්ලා හොද ලමය වගේ මට උදේට කන්න හොද පොල් සම්බෝලෙකුයි , රතු කැකුලු බත් ටිකකුයි හදන්නකෝ ......හැමදාම පාන් රොඩු ගිලල මට ඇතිවෙලා" මා බිරිදගේ අවධානය වෙනතකට හරවා කුස්සියට පිටත් කර හැරීය.
"මිනිස්සුන්ගෙන් හොදටම ගුටි කාලා , එක්කෝ මිනිහා ඇත්තේ පොලීසියක එහෙමත් නැතිනං ඉස්පිරිතාලෙක" මම ඇදෙන් නැගිට වතුර වීදුරුව අතට ගනිමින් සිතුවෙමි.
"මිනිහා මේදා සැරේ මගෙන් තමයි පාඩමක් ඉගෙන ගත්තේ.....අහිංසක මිනිස්සු රවට්ටලා කන හොර තක්කඩි" මම වතුරෙන් කට සෝදා ඉවත දැමීමට ජනේලය විවර කලෙමි.
කට්ටඩියා මොනවදෝ මතුරමින් මුට්ටියකින් යමක් සිය ගේ වටා ඉසිණු පෙණුනි. මම වහා තුවායක් කර ලා කට්ටඩියාගේ නිවස දෙසට පියමං කලේය.

"මොකද ගුරුන්නාන්සේ උදේම වැඩ පටන් අරං වගේ "
ඔහු මුට්ටිය හා පොල් මල් ඉරුව පසෙක තබා මා වෙත ලං විය.ඔහුගේ මුහුණෙහි බොහොම බැරැරුම් ස්වරූපයක් දිස්විය.
"අද මගේ හිතට මහ අමුත්තක් දැනෙනව මහත්තයා"
"ඇයි මොකුත් අසනීපයක්වත්ද?" මම පෙරලා ප්‍රශ්න කලෙමි.
"එහෙම මොකුත් නෙමෙයි....." කට්ටඩියා ටිකක් වටපිට බලා මා වෙත සමීප විය.
"කලෙකට පස්සේ ඊයේ මගෙ ගුරුකමක් වැරදුණා" ඔහු මුමුණත්ම මගේ  සිනහව මා මැඩගනු ලැබුවේ ඉමහත් ආයාසයෙනි.
"ඒ ඇයි?" මම බොරු බැරැරුම්කමක් මවා පාමින් ඇසුවෙමි.
"ඒකම තමයි මටත් හිතා ගන්න බැරි.....තටුවේ දොල පිදෙනිත් හරියට දුන්නා , මන්තර ටිකත් ඉරි ගහට ඇන්නා වගේ සිද්ධි වුණා....ඒත් හුනියම කැපුන් නෑ."ඔහු මහා වැල් වටාරමක් ඇද බෑවේය.
"හුනියම කැපුන් නෑ කිව්වේ?"  මම මුවගට නැගෙන සිනහව ආයාසයෙන් මැඩ ගනිමින් විමසුවෙමි.
"ඒ කියන්නේ මහත්තයෝ මම එකසිය වාරයක් ජබ කරලා අරං ගිය එක නැට්ටේ දෙහි ගෙඩි තුනට හුනියමට බැදල හිටිය මල පෙරේතයා දිෂ්ටි උන් නෑ....." ඔහු නලල රැලි ගන්වමින් තෙපලේය.
"ගුරුන්නාන්සේ කිල්ලකටවත් අහුවුණාද?" මම විමසුවේ මගේ තෘප්ති‍ය තවත් තිව්‍රකර ගැනීම සදහාය.
"ඒක තමයි මමත් මේ කල්පනා කලේ.....ඒත් මට නිච්චියක් නෑ"
"අල්ලලා දාන්න ගුරුන්නාන්සේ.....ඔය එකක් වැරදුණාට මොකට කලකිරෙනවද..........ඔය දොස්තරලා අතින් වැරදිලා ලෙඩ්ඩු කීයක් මැරෙනවද..."
"ඒ වුණාට මහත්තයා මේක වැරදුණු වෙලාවේ ඉදන් මගේ හිතට මහා මොකක්දෝ වගේ.....ඊයෙ මම ගෙදර එනකොටත් මාත් එක්ක කවුරු හරි පස්සෙන් ආවා වගේ මට දැණුනා.....ඒකයි මම මේ උදේම ගෙට වතුර ඉහල අරක්ෂාවක් කලේ" කට්ටඩියා පැවසුවේය.
"ඔය ගුරුන්නාන්සේගේ හිත වෙන්නැති...."
"මේවා යක්කු එක්ක කරන  ගණුදෙනුනේ මහත්තයා...පොඩ්ඩ එහා මෙහා උනොත් හුනියම එන්නේ කපාපු කෙනාගෙ පස්සේ" ඔහු එසේ පවසා සමුගෙන ගෙට වැදුණි.
මාද පිලිකන්නේ කරාමයෙන් මුහුණ කට සෝදා කට්ටඩියාට පාඩමක් ඉගැන්වු සතුටෙන් කුස්සියට ගොඩ විය.
මාගේ බිරිද නහයෙන් කටින් සෙම දමාගෙන බිම වැටී දගලණු දක්නට ලැබුණි. සිද්ධියෙන් විලම්බීත වු මා කලබලයෙන්  වතුර ටිකක් සෙව්වෙමි. මිරිස්ගල මත බාගෙට ඇඹරූ සම්බෝලයත් ඒ අසල පිහියෙන් දෙකට කපන ලද පසුදා කට්ටඩියාගේ නිවසෙන් සොරාගෙන මා මිරිස් ගල යට සැගවු දෙහි ගෙඩියකුත් දුටු මා " අනේ බුදු ගුරුන්නාන්සේ......" යැයි මරහඩ තලා කෑගැසුවෙමි.
                                    
 "නොදන්නා බව නොදන්නාද , දන්නා බව නොදන්නාද මොඩයෝ වෙති."

story by
daminda dampahalage
Monday, May 26, 2014