කණ්නාඩිය
"ලමයෝ නැගිටින් නැද්‍ද දැන් හොදටම උදේ වෙලා" අම්‍මා කාමරයේ අගුල
විවර කරමින් බෙරිහන්‍දෙයි.
ඇය කාමරය තුලට පැමිණ ලී ජනෙල් පලුවක් විවර කරයි. මෙතෙක් වේලා
අහිංසක අදුර රජයූ කාමරය තුලට ආලෝකය නැමති යක්‍ෂයා ඇතුලු වුවා සේ දැනේ.
" නැගිටිනවා...නැගිටිනවා" ඇය මගේ තට්‍ටමට පයින් ඇණ නිකම යයි.
"ඌයි ....ඌයි .. "
කාමරයට වැටෙන හිරු රශ්‍මියෙන් ගතසිත දැවෙන්‍නාක් මෙන් හැගේ. අදුර,මොනතරම්,සිසිලද,අහිංසකද,කාටවත් පීඩාවක් නොදෙන අදුරට මිනිසුන් මෙතරම් වෛර කරන්‍නේ මන්‍ද? මගේ සිත කොදුරයි.
මා ජනේලය වසා දමා කුස්‍සියට ගොස් කරාමය ඇර ඇල් වතුර ප්‍ලාස්‍ටික් කෝප්‍ප කිහිපයක් එක හුස්‍මට හිස් කරයි.
"ඔය ඉතින් ආයෙමත් පටන් ගත්‍තා බඩ පැලෙනකං ඇල්‍වතුර බොන්‍න"
අම්‍මා මොර ගාණු ඇසී මා ඇයට විරිත්‍තයි.
"උබටනං තියෙන්‍නේ මොකවත් නෙවෙයි පුතේ.........මීහරක් ගිනියම" ඇය කට කොනකින් හිනා වෙමින් පවසයි.
"අම්‍මට ඉතින් මම වතුර බිව්‍වත් වැරදියි නේ.....හොක්.. හොක් " මා ඇය ගාමින් සිටි පොල් අහුරක් හොරා කමින් සාලයට පැණ ගනියි.
ආලින්‍දයේ දුවිලි වැදුණු තේක්‍ක හාන්‍සි පුටුව දකින මට අප්‍පච්‍චි සිහි ගැන්‍වෙයි. සුදුමේස් බැනියම හැදසරම කැහැපොට ගසා ගාම්‍බීරව ඔහු පුටුවේ හාන්‍සී වී සිටින අයුරු පෙනේ.අප්‍පච්‍චීගෙදර සිටින විට සිතට බයක් නොදැනේ ඔහුගේ ගාම්‍බීරත්‍වයෙන් මුලු ගෙදරම පිරී ඇත්‍තා සේ මට දැනේ. ඔහු ගෙදර සිටිනා විට මට පමණක් නොව අම්‍මාටද පාලු නැත. "රණේ අරක ගේන්‍න,මේක හදලා දෙන්‍න " ඇයගේ කරච්‍චලයේද ඉවරයක් නැත.
"මෙන්‍න තේක ? අම්‍මා සාලයට පැමිණ මුමුණයි.
"අප්‍පච්‍චී බිව්‍වද ? "
ඇය නිහඩය .
"අප්‍පච්‍චී බිව්‍වේ නැත්‍තං මටත් එපා ."
"අප්‍පච්‍චී තේ බීලා වැඩටත් ගියා. විකාර කියවන් නැතුව ඔයා මේ තේක බොන්‍න."
ඇය තේ කෝප්‍පය පුටු ඇන්‍ද මත තබා ගස්‍සාගෙන ගෙට වදියි.
චුන් පාන්‍කාරයාගේ සංගීතය ඈතින් ඇසේ. කටට කෙල උනයි.
අප්‍පච්‍චී හිටියා නම් මාලු බනිසක් වියන් රෝලක් වරදින්‍නේම නැත.පුරුද්‍දට වාගේ මා ගේට්‍ටුව අසලට දිව ගොස් ඔහුට අත දමයි. කලුමහත බඩ තඩියා ඔලොක්‍කුවට විරිත්‍තා මා අසලින් වේගයෙන් බයිසිකලය ධාවනය කරයි.
"නොදකින් පෙරේත හැලි වදුරා. මම අප්‍පච්‍චී ආවහම කියන්‍නංකෝ උඹ මට බනිස් දුන්‍නෑ කියලා " මා කෑගසා බෙරිහන් දෙයි.
අල්‍ලපු ගෙදර කොට තාප්‍පයට ඉහලින් රෝසපාට පිනි ජම්‍බුවක් එල්‍ලෙයි.
ලුණු කුඩු ,ගම්‍බිරිස් ටිකක් එක්‍ක මේක මරු කෑම. මගේ කටට කෙල උනයි. මා තාප්‍පය දිගේ රූටයි. ජම්‍බුව අතට පෙනෙන මානයේ මා මහා ප්‍රපාතයකට ඇද වැටෙන්‍නාසේ හැගේ. තට්‍ටම හා තුනටිය දිගේ වේදනාවක්‍ඇවිලී එයි.
"හූ හූ වැටුණා නේද.....ජම්‍බු හොරා ..හූ හූ.." ඉස්කෝලේ යන කොලු රෑනක කෑ ගසයි
"හිටුතොපිට"මා වේදනාව පසෙක ලා බොරලු අහුරක් උන් දිහාවට ගසයි.
උන් තවත් කුලප්‍පු වී කෑගසයි. මා කෝපය දරා ගත නොහැකිව උන්‍ට පත බෑමට ගලක් සොයයි.
"හූ...... හූ .... මොත්‍ත තඩියා ....." කොලු රැල විරිත්‍තා පලා යයි.
පිනි ජම්‍බුව රෝසපාට විදුලි බුබුලක් මෙන් සුලගේ මට අත වනයි .
"අද නම් කොහොම හරි බොට දෙන්‍නං බැටේ" මගේ සිත කොදුරයි.
මා කොට තාප්‍පය උඩින් පැන අල්‍ලපු වත්‍තට ඇතුලු වෙයි. පමා නොවී හීන් සීරුවේ ජම්‍බු ගහට කිට්‍ටු කර එහි කරුවකට ගොඩ වීමට පෙර වටපිට බලයි . කොට බතල මිසිස් මේබල් ගේ දොරකඩ සිට බලා සිටියි. ඇය අතේ දුරකථනයක් වෙයි. ඇය ඉන් කාටදෝ අමතනු පෙනේ.
"යාම්‍තං ඇති මිසිස් මේබල් මාව දැක්‍කේ නෑ වගේ. " මගේ සිත ට සැහැල්‍ලුවක් දැනේ.
දුරකතනය විසන්‍ධිකල ඈ ජම්‍බු ගහ දෙස බලා සිටියි.මිසිස් මේබල්‍ගේ උකුසු ඇසින් මිදෙණු පිණිස මා තව ටිකක් ජම්‍බු ගහට මුවා වෙයි.
තවත් මොහොතකින් නිවසේ නවීන පන්‍නයේ ගේට්‍ටුව විවර වෙනු ඇසේ.
"දෙයියනේ අම්‍මා නේද?" මා ගේ සිත තිගැස්‍සෙයි.
ඇය ජම්‍බු ගස දෙස බලමින් මිසිස් මේබල් සමග යමක් දොඩනු පෙනේ.
" වැඩේ මට්‍ටු වගේ " මා කොදුරයි.
මා තාප්‍පයෙන් පැණීමට සැරසෙත්‍ම අම්‍මා මාගේ අතකින් වැරෙන් අල්‍ලා මා නිවසට රැගෙන යන අයුරු කම්‍මුලට අත තියා ගත් කොට මේබල් බලා සිටියි.
ඇය මට බැණ වදිමින් මා ගේතුලට රැගෙන ගොස් කාමරයට දමා දොර අගුලුලයි.
"දෙයියනේ මට කියලා සැනසීමක් නැති හැටි..... මේ ඔක්‍කොම කරුම මට තනියම විදවන්‍න උනානේ " ඇයගේ ගෙරවිලි හඩ වරින්‍වර ඈතින් ඇසී සැර බාලවී යන්‍නට විය.
“අම්‍මට ඔච්‍චර තරහ යන්‍න දෙයක් මම කලේ නෑනේ. මෙයාට නං සුවර් එකට මූලක්‍ගාය.වත්‍ත පහල කොහිල වලෙන් කොහිල ටිකක්‍වත් කඩලා දෙන්‍න වෙනවා”. මා සිතින් ඇයට බැණ වදී .
අව්‍ව වැටී කාමරය රත් වී ඇත.මුලු ඇගම ගිණියම් වී ඇත්‍තාසේ දැනේ. ඒ මදිවට කුසගින්‍නද ඔලුව උස්‍සා ඇත.
හිසේ වේදනාවද එන්‍න එන්‍නම වැඩිවන්‍නාසේය. මේබල්‍ගේ තාප්‍පෙට හිස සීරී තුවාල වී ඇත්‍තාසේය. මා කමිසය උනා දැමුවෙමි. බටර් ර්‍පාට පට්‍ට ගැසුණු කමිසයේ මදක් ලේ තැවරී ඇත.
“ඔලු කට්ට තුවාල වෙලා ලේත් එනවා වගේ. කණ්‍නඩියක් තිබුණන් යස අගේට බලා ගන්‍න තිබුණා”
මතක ඇති කාලෙක අපේ නිවසේ කණ්‍නඩියක් තිබෙනවා මට මතක නැත. අපි කලින් හිටි මහ ගෙදර නම් ලොකු ලොකු කණ්‍නඩි ගොඩාක් තිබෙණු මට මතකය. ඒවා වටේට හැඩකර තිබූ බීරලු කැටයම්, ලස්‍සන ලස්‍සන මල් මෝස්‍තර මට තවමත් යාම්‍තමට මතකය. අප්‍පච්‍චීට කේන්‍ති ගොස් දිනක් එම කණ්‍ණාඩි සියල්‍ල මහගෙදර වත්‍තපහලට දමා ගිනිබත් කරන විට අම්‍මා ඔහුගේ අතේ එල්‍ලී කෑගැසූ වදන් පෙල මගේ කනේ දොංකාර දෙන්‍නාක් මෙනි.
"අනේ රණේ ඕක විතරක් නං පුච්‍චන්‍න එපා. ඕක අපේ මුත්‍තම්‍මාගේ කණ්‍ණඩිය. අපි කසාද බදින දවසේ මට අම්‍මා දුන්‍නු එකක් " ඇය බැගෑපත්‍වු අයුරු මට මතකය.
එදා ගිනිදැල් අතරඅප්‍පච්‍චීගේ දෑස් ගොරොක් මද මෙන් රතු පැහැයෙන් දිලිසෙනු මා කාමරයේ කවුලු පොලු අතරට වසන් වී බලා සිටියෙමි. ඉතිරි වු අම්‍මාගේ කණ්‍ණාඩිය ද අප අලුත් ගෙදරට පැමිණි විගස අප්‍පච්‍චී සොල්‍දරයේ ලා අගුලු දමණු මට මතකය.

වාහනයක හඩක් ඇසෙයි. ලොකු අම්‍මලාගේ කෝපි පාට වෑන් රථය පැමිණ මිදුලේ නවතනු මට ජනේලයෙන් යාම්‍තමට පෙනේ.
“ටිකක් පරක්‍කු වුණා නංගියේ ...... කෝ පුතා ලෑස්‍තිද ?” ඒ ලොකු අම්‍මාගේ කටහඩයි.
“අක්‍කා එන බවක් එයා තාම දන්‍නෑ. අද උදෙත් .....”. මවගේ කට හඩ බාල වේ. ඇය ලොකු අම්‍මා සමග කසුකුසු ගාණු යාම්‍තමට ඇසෙයි.
අනිවාර්‍යයෙන් ඔයකතාවෙනවා ඇත්‍තේ මං ගැන. උදේ වෙච්‍ච සිද්‍ධිය ලුණු ඇබුල් දාලා ලොකු අම්‍මට කියනවා ඇති. මගේ සිත තුල මව කෙරෙහි අප්‍රසාදයක් හට ගනී.
“පුතා .....”. ටිකවේලාවකින් ලොකු අම්‍මා අඩගසණු ඇසේ .
මම ඇදට පැණ ගුලිවෙයි. කාමරෙයේ දොර අගුල විවර කරනු ඇසේ.
මොකෝ මේ තාම ඇදට වෙලා ලොකු අම්‍මා ඇද අසලට පැමිණ මා කූද්‍දයි.
මම නුරුස්‍සනා ලෙස ගස්‍සා ඇස් තදකර ගනී.
"පුතාට අද විශේෂ වැඩක් මුකුත් නෑ නේද? "
මම ඔලුව ගස්‍සයි.
"අනේ පුතේ අද මට පුතාගෙන් ලොකු උදව්‍වක් ඕනේ."
අලි මදිවට කොටි කිව්‍ව වගේ මේ අම්‍මඩි එන්‍නේත් මගේ හොදකට නෙමෙයි.
"මගේ මේ දණිස් අමාරුවට හොද වෙදමහත්‍තයෙක් ඉන්‍නවලු ටිකක් දුරක ....බොහොම අමාරුවෙන් තමයි. අද දිනයක් ඉල්‍ල ගත්‍තේ. මාමාටත් වැඩක් යෙදිල එන්‍න විදිහක්‍නෑ. පුතාට බැරිද මාත් එක්‍ක වෑන් එකේ යන්‍න එන්‍න තනිවට ."
"පුතා ලෑස්‍ති වෙලා එන්‍න මම සාලෙට වෙලා ඉන්‍නං ." ඇය කාමරයෙන් පිටව ගියාය.
ඇයගේ ඉල්‍ලීම ඉවත නොදැනීමට සිතූ මා නාන කාමරයට වැදෙයි.
"අම්‍මට පෙන්‍නුවොත් තවත් බැණුමක් අහන්‍නම වෙනවා . කොහොම හරි තුවාලෙට බෙහෙත් නොදා පාරේ යන්‍නත් බෑ කොහොම හරි කණ්‍නාඩියක් හොයා ගන්‍න ඕන."
මීට පෙර නොයූ වියූ අයුරින් කණ්‍නාඩියක අවශයයතාව මට තදින් දැනෙන්‍නට විය. මා නාන කාමරය පෙරලා අහුමුලු සොයන්‍නට විය. මලකඩ කන ලද පරණ රේසරයක් දුටු මා හට අප්‍පච්‍චිගේ රැවුල බෑම සිහි විය. අලුත් ගෙදරට පැමිණි දින සිට අප්‍පච්‍චී රැවුල බෑමට ගියේ වත්‍ත පල්‍ලෙහා ලිද ලගටය.ලිද ලගට යාම මට තහනම් වුවද එහි ගට්‍ටේ එල්‍ලා ඇති කුඩා කණ්‍නාඩියක් දෙස බලමින් ඔහු රැවුල බානු මට යාම්‍තමට මතකය.
නානකාමරයේ දොරින් එබී බැලුවෙමි. අම්‍මාත් ලොකු අම්‍මාත් කුස්‍සියේ බර කතාවකය. අම්‍මා පිටුපස හැරී තේ වතුර වක්‍කරයි. ලොකු අම්‍මාද ඒ දෙසට හැරී සිටී.
අම්‍මා ජනේලය දෙසට හැරී සිටින බැවින් මා වත්‍ත පහලට යනු ඇය නියත වශයෙන්‍ම දකිනු ඇත. එහෙයින් ඇය ලොකු අම්‍මා දෙසට හැරෙන තුරු මදක් ඉවසා සිටිය යුතුය.
"නංගිත් ආවනම් තමයි හොද " ලොකු අම්‍මා පවසයි.
"මගේ හිතට මහ මොකද්‍දෝ වගේ අක්‍කේ.......ඒකයි මම නොයන්‍න හිතුවේ . "
"මට නොතේරෙනවා නෙමෙයි.......l "ඇය සුසුම්‍ලමින් පවසයි.
"උබ බයවෙන්‍න කාරි නෑ නංගියේ. අපේ එක්‍කෙනා ගිහින් වෙදමහත්‍තයට විස්‍තරේ කියලා ඔක්‍කොම ලෑස්‍තිකරලනේ ඇවිත් තියෙන්‍නේ . ....... නංගිට බලන්‍න ඕනැනං දෙතුන් දොහකින් අපිත් එක්‍කම යන්‍න බැරියෑ."
අම්‍මා හිස සලා ඇයට ප්‍රතිචාර දක්‍වයි.
අපේ එක්‍කෙනාටත එතන බොහොම හිතට අල්‍ලලා. හරිම නිස්‍කලංක තැනක් ලු ලෙඩ්‍ඩු දහයක් දොලහක් විතර නතරවෙලා ඉන්‍නවලු. කොටින්‍ම විස්‍තරේ අහලා වෙද මහත්‍තයා සල්‍ලි ගන්‍නත් අදිමදි කරලා තියෙනවා."
ලොකු අම්මා දොඩවයි.
" දැනට මමත් ගෙනියන්‍න කෑම ජාති ටිකක් විතරයි ලෑස්‍ති කලේ අක්‍කේ"
අම්මා තෙපරබායි.
" උබ මොකට කරදර උනාද මම හාල් පොල් ඔක්‍කොම වෑන් එකේ පටෝ ගෙන ආවේ. " ඇය නෝක්කඩු කියයි.
"මට නං දැන් මේ සුමේ තනියම කරලා ඇති වෙලා අක්‍කේ . ඒත් මගේ හිත හදා ගන්‍න බෑ ." අම්මා තේ කෝප්පය ලොකු අම්මා අතට දෙමින් පවසයි.
" මට නොතේරෙණව නෙමෙයි නංගියේ මොනව වුණත් ,මල්ලිගේ තුන් මාසේ දානෙත් ලග නිසා දානේ කටයුතු ඉවර වෙනකන් හරි අපි මෙහෙම කරලා බලමු."
ලොකු අම්මාගේ බ්‍රෙක් නැති කටට තේ උගුරක පහස දැනෙයි.
"හ්ම්....." අම්මා විඩාවක් ගනියි.
"වෑන් එකේ ඩ්‍රයිවර්ටයි , කොල්ලෝ දෙන්නටයි , මේක දීල එන්නං." ඇය තේ කෝප්ප තුනක් බන්දේසියක තබාගෙන කුස්සියෙන් පිටව යයි.
මා තවත් පමා නොවී පිලිකන්නෙන් වත්ත පහලට පැන දුවයි. පහල ලිද නොපෙනෙන තරමටම වල් වැදී තිබෙයි. මා උසට වැවී ඇති ඉලුක් පදුරු පොඩිකරමින් ලිං මිදුලට ගොඩවෙයි. වැලකුණු වැටී කෝදුරුවන් අරක් ගත් ලිං මිදුලද එකම කසල ගොඩකි. මා අතරින් පතර අඩිය තබා ලිං කණුවක නිසොල්මනේ එල්ලී සිටින කණ්නාඩියට
එබෙයි.
ඒ අංගවිකල වාමන රූපය කණ්නාඩිය තුලින් මා දෙස බලා සිටියි. ඔහුගේ විශාල දෑස්, තැලුණු පිනි ජම්බුවක් වන් මුක්කන් නාසය , හිස් කබල තුලට කිදා බැස ඇති කන් යුවල ,පැත්තට ඇද වූ මුක ුහරය, නියගයට හසුවූ ගොයම මෙන් තට්ටය පෑදුණු හිස කේස්ද , අරියාදුවට සිටවූ පොල් පැල මෙන් මුහුණේ තැන තැන වූ ඉදුණු රැවුල් කොටද මා හද සලිත කරයි.
"බුදු අප්පච්චීයේ...... යකෙක් මාව බේරගනියෝ"
මා බියවී වෙර යොදා මර ලතෝනි දෙයි.
ඈතින් ලොකු අම්මා හැදි දැඩි පිරිමි තිදෙනකු සමග ලිද දෙසට පල්ලම් බසිණු පෙනේ.
Story by Daminda dampahalage
Thursday, June 9, 2016