Sunday, September 15, 2024

  දෙවෙනි මනමාලි

“ඔයා වයිෆ්ට ආදරේ නැ ද්ද?”
“මම දන්නේ නෑ “
“එහෙනං බැ න්දේ?”
“ගෙදරින් කිව්වා මම බැ න්දා .”
“ජීවිතේට ආදරේ දැ නිලම නැ ද්ද?”
“ඇයි නැ ත්තේ මම ඉස්කෝ ලේ යන කා ලේ කෙල්ලෝ කීයකට ලව්කරලා තියෙනවද”
‘’හිතෙන්ද? හික්... හික්’’
‘’අපි ගැ න එහෙමද හිතන් ඉන්නේ”
“අපෝ මම දන්නැ තුවයැ මෙයා ගේ විසේ”
“ඇයි මට විතරද? හො ක් හො ක්”
“මේ එන්න එපා ,ඕවට හො දද”
“බඩුවක් එව්වා ”
“මො කද්ද?”
“බලන්නකෝ ”
“ආනේ අපි ගත්ත සෙල්ෆිය .....හරිම ලස්සනයි”
“ආයිත් දවසක යමුද?”
“බලමු”
“කෝ ල් එකක් එනවා “
“කා ගෙන්ද?”
“දන්නැ ති නම්බර් එකක්”
“මං වගේ කෙනෙක්ගෙන්ද දන්නේ නෑ ”
“මං තියනවා”
“එපා . එපා ..මං විහිලුවක් කලේ . ඔයා ආන්සර් කරලා ඉන්න”
“කට් වුණා”
“කෝ සදුන්?”
“ඔය උදේම ඔෆිස් යනවා කියලා ගියේ.....හ්ම්”
“ඇයි ආයි රණ්ඩු උනා ද?”
“හ්ම්”
“කො යි වෙලා වෙද?”
“ඊයේ රෑ ....හො දටම බීගෙන ඇවිත්. හුක්… හුක්”
“අඩන්න එපා”
“හුක්…. හුක්”
“ඔය ඉතින් ආයෙම අඩන්න පටන් ගත්තා “
“ලමයා හින්දා ඉවසනවා මම, මට නං මේ ජීවිතේ තිත්ත වෙලා තියෙන්නේ”
“තිත්ත පැ ණි රස කරන්න මේ අපි ඉන්නේ...හො ක් හො ක් “
“අනේ නිකා ඉන්න. ඔය කො යි පිරිමියත් එකයි; අහවල් එක කරගන්නකං, පස්සේ අපිට අකුරු දෙකේ ගරු නම්බු නා මෙකුත් දීලයි යන්නේ”
“කමක් නෑ . බනින්න;ඔයා ගේ හිතේ කේන්තිය යනකං මට බනින්න.මම අහගෙන ඉන්නං.”
“ආයි කෝ ල් එකක්. කලින් නම්බර් එකමයි.”
“ආන්සර් කරන්න ලමයෝ “
“බෑ “
“ඇයි?”
“මගේ සත්‍යය ප්‍රේම බෘංග රාජයා ලයින් එකේ ඉන්න නිසා. …හික් හික්”
“නෝනා මා යං දන්නෙම නෑ නේද? හො ක් හො ක්”
“කවුද දන්නේ නෑ මා යං දා ලා අපේ පස්සෙන් ආවේ? හික් හික් . මේ ඒක නෙමෙයි, අද ඔයා ඔෆිස් යන්නේ නැ ද්ද?”
“යනවා ටිකක් පරක්කු වෙලා ශෝට් ලිව්”
“උදේට කෑ වද?”
“හ්ම්”
“ඔයා ?”
“දන්නෑ වගේ අහන හැ ටි.මං ඔයා ට කිව්වේ අනේ”
“සො රි… සො රි.. මට අමතක වුණා. ඔයා වන්නගු මෙතඩ් එකට ඩයටිං නේ”
“ආයි කෝ ල් එකක්”
“කවුද?”
“මම හිතුවා හරි”
“ඇයි? “
“ඒපා ර සදුන්ගේ ඔෆිස් නොම්බරෙන්”
“ආන්සර් කරන්න ලමයෝ “
“හ්ම්”
“එහෙනං?”
“ඔය මට සොරි කියන්න වෙන්නැ ති”
“ඒ මො කටද?”
“මම කලින් කෝල් එකට ආන්සර් නොකල නිසා “
“ඒ කිව්වේ?”
“සදුන් කැමති නෑ . මම නොදන්න නම්බර් වලට ආන්සර් කරනවට. එයා සමහර දවසට එක එක නම්බර් වලින් කෝල් කරලා බලනවා, මම ආන්සර් කරනවද කියලා. .ආන්සර් කලොත් එදාට ඉතිං රණ්ඩු”
“සැකේට”
“නෑ. .ආදරේට”
“ඊරිසියාව”
“ඊරිසියා කරන්නේ තමුන් ආදරේ කරන දෙයක් නැතිවෙයි කියන බයට”
“කෙහෙල් මල”
“මම එහෙම නො කලට ,සදුන් මට ආදරෙයි.නො බීපු වෙලා වට පූස් පැ ටියෙක් වගේ”
“නල්ල මලේ පූස්. උපාසක බලල් දෙක දෙක කිව්වලු”
“අනේ නිකං ඉන්න. ඒ ඕගොල්ලෝ “
“ඕගො ල්ලෝ තමයි අර පාටි මේ පාටි කියලා ඒ මනුස්සයව බොන්න පුරුදු කලේ “
“තෝත්ත බබා සූප්පුවක් කටේ ගහලා පොවන්න”
“ආයි කෝ ල් එකක්”
“කවුද?”
“තවත් සදුන්ගේ ඔෆිස් නම්බර් එකකින් වගේ”
“ආන්සර් කරන්න ලමයෝ “
“බෑ “
“ඇයි?”
“සදුන්ට කේන්ති යයි”
“ඕක ගන්න ලම්යෝ බය නැ තුව”
“අනේ මට බෑ ආයි සදුන්ව කේන්ති ගස්සන්න”
“ඔය දෙන්නටනං පිස්සු”
“දවසක් මම පුතා ගේ ඉස්කෝලේ සර් කෙනෙක් එක්ක කතා කලා කියලා සදුන් මට හොදටම බැන්නා. එදා රෑ බීලා ඇවිත් අත කපා ගත්තා.”
“එහෙනං ඕකව හොද දොස්තර කෙනෙකුට පෙන්නන්න.”
“ආයි කෝ ල් කරනවා “
“පිස්සු නැ තුව ඕක ගන්න අනේ”
“බෑ. …තව ටිකකින් සදුන්ගෙන් ෆෝ න් එකෙන්ම එයා කෝ ල් කරයි”
“පිස්සු ඩබල...හොක්... හො ක්”
“හ්ම්”
“ඒපාර මට කෝල් එකක්”
“කවුද?”
“අමලා ….ඔෆිස් එකෙන්. මම පරක්කු මොකද කියලා බලනවා ඇති”
“ඉතිං ගන්න”
“අමලා …ගුඩ් මෝනිං… කියපං මචං”
“යකෝ සදුනා ඔෆිස් එක ඇතුලේ බෙල්ලේ වැල දාගෙන මැරිලා. අර වේසි ෆෝ න් එක උස්සන්නේ නෑ “
.........................................................................................................................................
story by දමින්ද දම්පහලගේ